පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID) විසින් සූරිය ඉන්ටර්නැෂනල් කෝපරේෂන් ලිමිටඩ් සමාගමේ අධ්‍යක්ෂකවරියක ලෙස කටයුතු කරන, හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාරගේ බිරිඳ වන “එස්සැල්ල පතිරාජගේ මේරි බැසිලිතා”ගෙන් අද (08) දිනයේ ප්‍රකාශයක් ලබාගනිමින් පසු මුදාහැර තිබේ.

ඒ, ඇය අධ්‍යක්ෂක ධූරය දරන සමාගම සම්බන්ධයෙන් වන පරීක්ෂණයක් සඳහාය. 

ඇය සමඟ අධ්‍යක්ෂකවරියක ලෙස “පුන්‍යා ප්‍රියන්ජි මැණික් එඩ්වඩ්” කටයුතු කර ඇති අතර ඇය, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අතිවිශාල මූල්‍ය ගනුදෙනුවක් සම්බන්ධ චෝදනාවකට විමර්ශනයක් සිදු කරන “රියන්ඩ් මහේෂ් කුමාර එඩ්වඩ්” නැමැත්තාගේ බිරිඳ වේ.

එසේම 2015 වර්ශයේදී එම විශාල මූල්‍ය වංචාව පිළිබඳව පරීක්ෂණ එවකට පොලිස්පති එන්. කේ. ඉලංකෝන්ගෙන් නියෝගයක් ලබා ගෙන රවී වෛද්‍යාලංකාර විසින් තමා යටතට ලබාගෙන ඇත.  

මේ අතර රවී වෛද්‍යාලංකාරගේ පුත් අසේල ජයම්පති රාජසුන්දර විද්‍යාලංකාරට ද කළු සල්ලි සුදු කිරීම හෙවත් මුල්‍ය විශුද්ධිකරණය චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හෙට (09) දිනයේ මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණෙන්නැයි දැනුම්දීමක් ද කර තිබේ.


ලංකාදීප පචය !
PHOTO 2019 11 02 14 10 44
මූල්‍ය අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ රවි විද්‍යාලංකාරගේ බිරිඳ බැසිලිකා විද්‍යාලංකාර සහ  පුත් අසේල ජයම්පති රාජසුන්දර විද්‍යාලංකාර, මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවීම ජනාධිපතිවරණයෙන් පසුව සිදුකරන්නැයි මැතිවරණ කොමිසන් සභාව වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී ඇතැයි මිට ඉහතදී ලංකාදීප පුවත්පත වාර්තා කර තිබිණ.


සබැඳි පුවත:
රවීටත් ඩේසි ආච්චි 'ආවේශ'වේ! -මැකෝ දණ්ඩනීති සංග්‍රහයත් අත්හිටුවල ද? 'ලංකාදීප' පුවත අතේ රෝලක් ද?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්