ජාතික රූපවාහිනි සංස්ථාව රුපියල් ලක්ෂ 70කට වැඩි  විදුලි බිලක් නොගෙවීම නිසා රූපවාහිනි සංස්ථාවට ලබාදී තිබූ

විදුලි සැපයුම අද (17) දහවල් අත්හිටුවීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කළේය.


ජාතික රූපවාහිනී සංස්ථාවේ විදුලිය විසන්ධිවීමත් සමග ජාතික රූපවාහිනිය ඇතුළු නාලිකා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම මහත් ගැටළු සහගත තත්ත්යක් මතු වූ අතර විදුලි ජනක ආධාරයෙන් විකාශය කිරීමට එහි බලධාරීන් පියවර ගෙන තිබිණි.

ජාතික රූපවාහිනිය සංස්ථාව මාසගණනාවක් තිස්සේ විදුලිය බිල්පත් ගෙවීම පැහැරහැර තිබූ අතර රුපියල් ලක්ෂ 90ක පමණ හිඟ බිල්පත් ගෙවීමට නියමිතව තිබිණ. කෙසේවුවද පසුගිය සිකුරාදා රුපියල් ලක්ෂ 30ක පමණ මුදලක් ගෙවා තිබූ බව ද පැවැසේ .

පැය කිහිපයක් ඇතුලත දී යළි විදුලිය යථාතත්වයට පත්කර ගෙන ඇත්තේ විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් හා ජාතික රුපවාහිනියේ බලධාරීන් අතර දීර්ඝ  සාකච්ජාවකින් පසු හෙට දිනය තුලදී තවත් රුපියල් ලක්ෂ 15 ගෙවා දැමීමේ පොරොන්දුව මතය. 

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්