රජයේ මර්දනයට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතාවය විසුරුවා හැරීමට පොලීසිය පියවර ගත්තේය.

 


ත්‍රස්ත පනත යොදාගනිමින් රඳවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි නිදහස් කරන ලෙස ඉල්ලා එම ශිෂ්‍ය බල මණ්ඩලය අද  (18) පස්වරුවේ කැලණි විශ්ව විද්‍යාලයේ සිට විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබිණ.

කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත සරසවි සිසුහු කොළඹ - නුවර මාර්ගයේ ගමන් කිරීමට උත්සාහ කළහ. ඒ අවස්ථාවේදී පොලීසිය විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටියේ මාර්ගය අවහිර නොකරන ලෙසයි.

එහිදී උණුසුම් තත්ත්වයක් හටගත් අතර සරසවි  07 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

මේ පිළිබඳව කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මෙම පා ගමනට පොලීසියෙන් අවසර ගෙන නොතිබූ අතර රටේ නීතිය ක්‍රියාත්මක කිරීම මර්දනයක් නොවන බවයි.

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්