දැන් රට තුළ පවතින්නේ සටන් විරාමයක් බවත්, සමාජ පිපිරීම අත්‍යාසන්නයටම පැමිණ ඇති බවත්

43 සේනාංකය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

ඔහු එම අනතුරු ඇඟවීම කළේ අද (18) පාර්ලිමේන්තුව අමතමිනි.

ජනතාවගේ රැකියා අහිමිවීමේ පීඩනය දැවැන්ත සමාජ කැරැල්ලක් ලෙස ඉදිරියට පැමිණෙන බව ඔහු එහිදී අවධාරණය කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මන්ත්‍රීවරයා විසින් අර්බුදයට ලක්ව තිබෙන බලශක්ති ක්ෂේත්‍රය ගොඩ ගැනීම සඳහා යෝජනා 7 කින් යුත් වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීම විශේෂත්වයකි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේ සඳහන් කළේය.


''මේක සටන් විරාමයක් පමණයි''

“අද ආර්ථිකය බුන්වත් වෙලා. ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ ගෙනල්ලා 2019 බදු සහන දීලා ඉන් අනතුරුව අද මේ බලශක්ති ක්ෂේත්‍රය, පුද්ගලික අංශයට, කියන්නේ තවදුරටත් 2002 සිදුකරන ලද ඒ ලිබරල් කරන ප්‍රතිපත්තිය තවදුරටත් කිරීමට පනතක් ගෙන ඒම අභාව වාචක සිද්ධියක් හැටියට ඉතිහාසයේ සඳහන් වෙනවා ඇති.

අද බොහෝ දෙනෙක් කතා කළා මෙතන දැන් ගෑස් පෝලිම් නෑ. තෙල් පෝලිම් නෑ. විදුලිය කැපෙන්නේ පැය දෙකයි. ඒ නිසා දැන් රටේ තත්වය සාමාන්‍ය අතට හැරිලා තියෙනවායි කියලා. ඇත්තටම මේ අර්බුදයේ සටන් විරාමයක් තමයි දැන් එළඹිලා තියෙන්නේ. “

අපි දන්නවා මේ රටේ මාසයක වියදම් ගත්තොත් ආසන්නයෙන් ඩොලර් මිලියන 1100 ක් -1200 ක් පමණ අපනයන ආදායමක් තිබුණා. ඒ වගේම අපේ වියදමක් තිබුණා ඩොලර් මිලියන 1900 ක පමණ ආනයන වියදම. අපට තිබුණා මාසයකට ඩොලර් මිලියන 600 ක් පමණ විදේශ ණය ගෙවීමේ අවශ්‍යතාවයක්.



අද කොහොමද මේ සමතුලිතතාවය ළඟාකරගෙන තියෙන්නේ? අර 1900 තිබිච්ච ආනයන වියදම, 1006 ට ගෙනල්ලා තියෙනවා. ඩොලර් මිලියන 600 ක ණය ගෙවීම සම්පූර්ණයෙන්ම අත්හැරලා තියෙනවා. ඒ ණය ඒ විදිහට අපි අන්තර්ජාතික මූල්‍ය වෙළද පොලෙන් ණය නොගෙවපු බුන්වත් රාජ්‍යයක් බවට ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඊළඟ දශකයේදී අපිට මූල්‍ය වෙළෙඳ පොළෙන් ණය ගන්න බැහැ.



තෙල් ගෑස් ගත්තොත් අද ගෑස් ඉල්ලුම හරියටම 50% කින් අඩු වෙලා තියෙනවා. ඛනිජ තෙල් ඩීසල් ඉල්ලුම 52% කින්. පෙට්‍රල් ඉල්ලුම 26% කින් අඩුවෙලා තියෙනවා. සමස්තයක් හැටියට ගත්තහම මේ පෙට්‍රල්, ඩීසල් ආනයනයට ගිය වියදම අද 40% කින් අඩු කරලා තියෙනවා. ඒ මගින් වෙලා තියෙන්නේ මොකක්ද?

ඒ වගේම විදුලි ඉල්ලුම. විදුලි ඉල්ලුම 20% කින් පමණ අඩු වෙලා තියෙනවා. ආර්ථිකයේ සෘණ වර්ධනය 10% කිට්ටු ප්‍රමාණයකට ඇවිල්ලා තියෙනවා. කර්මාන්ත වැහෙනවා. සේවා අහිමි වෙනවා. රැකියා අහිමි වෙනවා. ඒ අනුව මතක තබා ගත යුතුයි අපි සියලු දෙනාම මේ ඇතිවෙලා තියෙන සටන් විරාමය ඊළඟ වටයේදී එන්නේ දැවැන්ත සමාජ කැරැල්ලක් හැටියටයි එන්නේ.”



අද මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දස ලක්ෂයක් තියෙනවා. ඒ දස ලක්ෂයෙන් අනූදාහක් පමණ මධ්‍ය පරිමාණ ව්‍යාපාර. ඒ අනූ දාහෙන් විසි හත්දාහක්ම මේ වෙනකොට වැහිලා ඉවරයි. ඊළඟ මාස තුන නැත්තං හතර ඇතුළත මේ ඉතිරි ව්‍යාපාරවලටත් මේ අලුත් බදු එක්ක මේ අලුත් පොලී අනුපාත එක්ක, මේ අලුත් උද්ධමන ක්‍රියාකාරීත්වය එක්ක ඉතාම බරපතල ප්‍රශ්නයකට මුහුණ දෙන්න නියමිතයි



''රුපියල් ආපහු ඩොලර් කිරීමේ අර්බුදයක් තියෙනවා''

මේ අවස්ථාවේදී යෝජනා කිහිපයක්, බලශක්ති අමාත්‍යාංශයට ඉදිරිපත් කරා. පළමුවෙන්ම, අපි විශ්වාස කරනවා නම්, රට වටෙන් ලෝකේ වටෙන් ඇවිල්ලා, තවත් තරඟකරුවෝ ඉදිරිපත් වෙයි කියලා අපේ ඛනිජ තෙල් IOC එක ආවා වගේ, ඊට කලින් අදහසක් තිබුණා 2002 දි එකට තව තුනෙන් එකක් දෙන්න. පසුව රජය සතු කරගත්තා ඒ තුනෙන් එකත්. එහෙම ලේසියෙන් අන්තර්ජාතික වෙළඳපොලෙන් එන්නේ නෑ. ඇයි? අපේ මෙතන නිපදවන්නේ මෙතන ගෙවන්නේ රුපියල් වලින්. ඒ රුපියල් ආපහු ඩොලර් කිරීමේ අර්බුදයක් තියෙනවා. පිටරටට ගෙනියන්න.



යම් විදෙස් සමාගමක් එනවනම් ඒ විදෙස් සමාගමට සිද්ධ වෙනවා කාලයක් ඩොලර් වලින් ගෙන්නලා රුපියල් වලින් උපයන්න. එහෙම සූදානම් වෙච්ච ආයතන තියෙනවද මම දන්නෑ. එහෙම එනවා නම් එන්නේ දේශපාලන අරමුණු සඳහා පමණයි. එහෙම හරි ඒ ආදීයේ තවත් එක් ආයතනයක් පැමිණීම මම හිතනවා මේ තියෙන තත්වයට යම් ප්‍රමාණයකට උපස්තම්භක වෙයි. මේ තියෙන තත්වයෙන් ඉදිරියට යන්න.



''බලපත්‍ර දීමෙන් අනිවාර්යෙන්ම කළු කඩේ බිහිවෙනවා''

 ඒ වගේම මේ බලපත්‍ර දීමෙන් අනිවාර්යෙන්ම කළු කඩේ බිහිවෙනවා. මෙවැනි තත්ත්වයක් ඉන්දියාවේ 1991 ට කලින් තිබුණා කියලා. ඒ කියන්නේ අපනයනකරුවන්ට තමන්ට අවශ්‍ය කරන භාණ්ඩ, තෙල් ගෙන්වා ගැනීමේ අයිතිය ලබාදීලා ඒ තත්වයත් එක්ක වුනේ මොකද, කළු කඩයක් බිහිවුණා. ඒ නිසා මේ කළු කඩය වළක්වා ගැනීම ඉතාම අවශ්‍යයි.

මේ බලපත්‍ර ලැබෙන ඒ කර්මාන්තකරුවෝ ඒ තෙල් තමන්ටම පාවිච්චි කරනවද? එහෙමත් නැත්නම් වෙනත් තැන්වලට ඒවා පාවිච්චි වෙනවද කියන එක වැළැක්වීමට ක්‍රමවේදයක් ඇතිකිරීම ඉතාම අත්‍යවශ්‍යයි. තුන්වන තෙල් පිරිපහදුව නවීකරණය කිරීම ඉතා අත්‍යවශ්‍යයි. මොකද මේකේ තාමත් අයිතිය දීලා නැහැ. පිරිපහදු කරනය සඳහා විදේශ සමාගමකට හෝ දේශීය සමාගමකට අයිතිය දීලා නැහැ. ඒ නිසා මේ පිරිපහදුව පවත්වා ගැනීමත්, පිරිපහදුව නවීකරණය කිරීමත් ඉතාම අවශ්‍යයි.

ඒ වගේම පිරිපහදුවට ගැලපෙන, ඵලදායිතාවය තියෙන තෙල් මිලදී ගැනීම ඉතා අත්‍යවශ්‍යයි. මේ මෑතදී ගත්ත උරාල් තෙල්වල ගැටලුව, මර්බන් තෙල් වෙනුවට, ගත්ත තෙල්වල ගැටලුව, එහි කාර්යක්ෂමතාවයේ ප්‍රශ්නයක් තියෙනවා. එහි සල්ෆර් අනුපාතයේ ප්‍රශ්නයක් තියෙනවා. එවැනි දෑ නොකොට, තෙල් පිරිපහදුවට ගැලපෙන තෙල් මිලදී ගැනීම ඉතාම අත්‍යවශ්‍යයි.



මෙවැනි ආකාරයක තරගයක් ඇති කරනවා නම් 2002 පනතෙන් ඇති කළා මහජන උපයෝගීතා කොමිසම. ඒ කොමිසම ඇති කළේ තරඟකාරී පදනමෙන් බලශක්ති ක්ෂේත්‍රය ක්‍රියාත්මක වෙනවා නම්, ඒ තරඟකාරී පිරිස් පාලනය කරන්න, නියාමනය කරන්න තමයි ඒ මහජන උපයෝගීතා කොමිසම ගෙනාවේ. ඒකට අනුකූලව තමන්ගේ පනත වෙනස් කළේ ලංකා විදුලිබල මණ්ඩලය පමණයි.



එහෙමනම්, මේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට තරඟකරුවන් ගෙන්වනවා නම්, ඔවුන්ගේ ප්‍රමිතිය, ඔවුන්ගේ නියාමනය, ඒ වගේම ඔවුන් සිදුකරගෙන යන ක්‍රියාවලිය, නිලධාරි මට්ටමේ කමිටුවක් නෙමෙයි. ස්වාධීන කොමිසමක් අවශ්‍යයි. ඒ තමයි මහජන උපයෝගීතා කොමිසම. ඒ නිසා මං හිතන්නේ අපි මේ ඛනිජ තෙල් නීතිගත පනත සංශෝධනය කරලා මහජන උපයෝගීතා කොමිසම බලාත්මක කරන්න ඕනේ ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ තියෙන තරඟකාරීත්වය කළමනාකරණය කිරීමට නියාමනය කිරීමට, පාලනය කිරීමට. ඊළඟට විවෘත ප්‍රසම්පාදනය අද අපිට වාර්තා වෙන හැම ආකාරයකින්ම පේනවා.

මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට කළු සල්ලි එනවද? මුදල් විශුද්ධිකරණය වෙනවද? අධික ලාභ ලබනවද? කියන ගැටලුව. පසුගිය අගෝස්තු 24 වෙනිදා මම ඇමතිතුමාට, ජනාධිපතිතුමාටත් ලිපියක් මගින් යොමු කළා. මේ කාරණේ.

ගල් අඟුරු පිළිබඳව ඇති වූ ප්‍රශ්ණය විගණකාධිපතිවරයා විමර්ශනය කළා. ඒ වගේ මේ සිදුවීමේදී, මහජන විශ්වාසය දිනාගන්න නම්, විවෘත ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඉතාම අත්‍යවශ්‍යයි. ඒ වගේම, විවෘත මිල සූත්‍රය ඉතාම අවශ්‍යයි. මිල සූත්‍රය තිබුණා. හිතිච්ච හිතිච්ච වෙලාවට පොඩ්ඩ පොඩ්ඩ අඩු කරන්න නෙවෙයි. සෑම මසකම නිවැරදිව ජනතාව දැනගත යුතුයි. තමන් ගෙවන්නේ පෙට්‍රල් වලට, ඩීසල් වලට නිසි මිලද කියලා.

අද ගත්තහම ඩොලර් එකසිය විස්සක් විතර වෙන්නේ ඩීසල්. ඩොලර් අනූපහක් විතර වෙන්නේ පෙට්‍රල්. ඒ කියන්නේ රුපියල් දෙසිය පනහට අඩුවෙන් තමයි පෙට්‍රල්, ඩීසල් තියෙන්නේ. නමුත් අපි දන්නවා මේවා තුන්සිය ගණන් හාරසිය ගණන් කියලා. එහෙනම් ඒ ජනතාවගේ සල්ලි වලට, ජනතාව කරන වියදමට සරිලන ආකාරයට තමන්ට මේක ලැබෙනවාද කියලා දැනගන්න ජනතාවට අයිතිය තියෙනවා.

මේ ආයතනයේ පිරිස කාර්යක්ෂමව යොදා ගැනීමට නම් වෘත්තීය මට්ටමේ පිරිසක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවටත්, ඛනිජ තෙල් නීතිගත පර්යන්තයටත් එහි පාලනයට සභාපතිවරු තුළ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කරලා මේ අර්බුද කාලේ. ඒ වගේම එහි සේවකයින් ඇතුළු සියලුම දෙනාට ඇගයීමේ ක්‍රමවේදයකට යටත් කරන ලෙස ඉල්ලා සිටිනවා.”

 

 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්