දේශීයව ඖෂධ නිෂ්පාදනය කිරීම කෙරෙහි මේ වනවිට රජය ප්‍රමුඛ අවධානයක් යොමු කර ඇති හෙයින් ඒ සඳහා

ඖෂධ කර්මාන්ත ශාලා ශ්‍රී ලංකාව තුළ ආරම්භ කිරීමට විදෙස් ආයෝජකයින්ට අවස්ථාව ලැබී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසයි.


කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉහළ තාක්ෂණික දැනුමක් සහිත කොරියානු වැනි රාජ්‍යයන්හි ආයෝජකයින් ඇතුළු විදෙස් ආයෝජකයන්ට මේ සඳහා අවස්ථාව සැලසී ඇතැයිද අමාත්‍යවරයා කීය.

ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති  වූන්ජින් ජියෝං (Woonjin Jeong) අද(18) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල හමුවූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව කීය.



ඉදිරියේදී දේශීයව ඖෂධ නිෂ්පාදනය සඳහා මේ වන විට ඉලක්කගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන බවත් ඒ අනුව ඉදිරි වසර කිහිපය තුළ එම වැඩපිළිවෙලට ප්‍රමුඛතාවය ලබා දෙමින් දේශීය නිෂ්පාදනය ප්‍රතිශතයක් ලෙස ඉහළ නංවන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා කීය. එමගින් එක් එක් වකවානුවන්හි රට තුළ ඇතිවන ඖෂධ හිඟයන් සඳහා සාර්ථක විසඳුම් ලබාදීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා කොරියානු තානාපති වරයා හමුවේ පැවසීය.



කොවිඩ් සමයේ පටන්ම කොයිකා (koica) ව්‍යාපෘතිය හා කොරියානු රජයේ ඒකාබද්ධතාවයෙන් ශ්‍රී ලංකාවට ඖෂධ උපකරණ රැසක් පරිත්‍යාග කළ බවත් ඒ සඳහා ස්තූතිවන්ත වන බවත් පැවසු සෞඛ්‍ය අමාත්‍යවරයා,  දෙරට අතර ශක්තිමත් සම්බන්ධතාවක් පවත්වා ගැනීමට එවැනි වැඩපිළිවෙල ඉවහල් වන බව ද  පැවසීය.

ගැටලුකාරී ආර්ථික අර්බුදය හමුවේ වුවද සෞඛ්‍ය ක්ෂේත්‍රය කෙරෙහි රජය විශාල වශයෙන් කැප වන බවත් ඒ අතරින් පෝෂණ තත්ත්වය ඉහළ නැංවමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවත් එහිදී රජය ඒ සඳහා ප්‍රමුඛ අවධානය යොමු කර ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

 පෝෂණ තත්ත්වය නගා සිටුවීමේ කාර්ය සාධක බලකායක් මේ වන විටත් ආරම්භ කර ඇති බවත් යුනිසෙෆ් ආයතනය හරහා විශාල වශයෙන් සහයෝගය ලැබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කීය. එමෙන්ම ත්‍රිපෝෂ වැඩසටහන නැවත ආරම්භ කිරීම පිළිබඳවද අමාත්‍යවරයා අදහස් දැක්වීය.



කොවිඩ් වසංගත සමයේ  දෙරටම නව අත්දැකීම් වලට මුහුණ දුන් බවත් අභියෝග හමුවේ කොවිඩ් වසංගතය ජය ගත් බවත් ශ්‍රී ලංකාව ඒ සඳහා කටයුතු කළ ආකාරය ප්‍රශංසනීය බවත් මෙහිදී අදහස් දැක්වූ කොරියානු තානාපති Woonjin Jeong පැවසීය.



කොරියානු රජය විසින් දැනටමත් නව රැකියා අවස්ථා නිර්මාණය කර  හඳුන්වාදී ඇති බවත් ශ්‍රී ලංකාව සඳහා වැඩිවශයෙන් රැකියා වෙළඳපළ අවස්ථා  ලබා දී ඇති බවත් මෙහිදී පැවසූ තානාපතිවරයා ඒ අනුව කොරියානු රැකියා කෝටාව ඉහළ නංවා ඇති බවත් කීය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ද එක්ව සිටියේය.

000121 3

000121 1

000121 2

 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්