පිරිසක් විරුද්ධ වුණත් ද්විත්ව පුරවැසිභාවය පිළිබද සංශෝධන 22න් ගෙන එන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා

ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ අවධාරණය කර සිටියි.


22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ දැක්වෙන පරිදි එළඹෙන හෙට සහ අනිද්දා (20 සහ 21) යන දින දෙකේදී විවාදයට ගන්නා බව පැවසු අමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා විසින් ඉදිරිපත් කර ඇති සංශෝධන දෙක හැර වෙනත් සංශෝධන 22 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට එක් කිරීමට බලාපොරොත්තු නොවන බව ද කියා සිටියේ ය.




ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් සහ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවීම සදහා බලය හිමිවන කාලය සම්බන්ධයෙන් විපක්ෂය ඉදිරිපත් කරන කරුණු පිළිබදවද අමාත්‍යවරයා මෙහිදී අදහස් දැක්විය.



“බැසිල් එල්ල කරගත් 22ට පොහොට්ටු සහය නෑ” - සාගර කාරියවසම්
 


කෙසේවුවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පැවසුවේ, බැසිල් රාජපක්‍ෂට එරෙහිව ව්‍යවස්ථා සංශෝධන සිදු කිරීමෙන් විදේශවල සිටින බුද්ධිමතුන්ගේ සේවය මෙරටට ලබා ගැනීමට නොහැකි වන බැවින් 22 වන සංශෝධනයට තම පෙරමුණ විරුද්ධ බවයි.

එක් පුද්ගලයෙකු, ආගමික කණ්ඩායමක් හෝ වෙනත් පටු අරමුණක් මූලික කරගනිමින් රටට ව්‍යවස්ථාවක් ගෙන එනවා නම් ඊට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විරුද්ධ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහට දැනුම් දුන් බව පොදුජන පෙරමුණු මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පැවසීය.

යෝජිත ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පසුගිය දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කළ බවත් එහිදී අදාළ කාරණාව ජනාධිපතිවරයාට දැනුම් දුන් බව ද සාගර කාරියවසම් කීය.

පුද්ගලයන් හෝ වෙනත් අරමුණක් මූලික නොකර රටේ ප්‍රශ්න විසඳීම වෙනුවෙන් රටට අත්‍යවශ්‍ය ව්‍යවස්ථාවක් රැගෙන එනවා නම් එය මාස 6ක් ඇතුළත සම්මත කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහාය දෙන බව ද සාගර කාරියවසම් කීවේ ය.


''බැසිල්ලගේ සහය නැතත් අපට පුළුවන්'' - විජේදාස


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය නොමැතිව මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට හැකියාවක් පවතින්නේදැයි නැගූ ප්‍රශ්නයකට අමාත්‍ය විජේදාස රාජපක්ෂ පිළිතුරු ලබාදුන්නේ මෙලෙසයි.  





''ද්විත්ව පුරවැසියාට තව තව මැච් ගහන්න ඉඩදෙන්න බැහැ'' - විමල් කියයි


ඇතමුන් සිතා සිටින්නේ ද්විත්ව පුරවැසියා ගෙන්වා තව තව මැච් ගැසීමට බවත්, එයට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ අවධාරණය කර සිටියි.

දැනට ඉදිරිපත්කර ඇති 22 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට හානි නොවන අයුරින් හා රටට හානිදායක නොවන ආකාරයෙන් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ නම් එය සම්මත කිරීමට සහයෝගය ලබා දීමට සූදානම් බව ද ඔහු පැවසිය.

එමෙන්ම ද්විත්ව පුරවැසියන්ට මේ රටේ පිට්ටනිවල සෙල්ලම් කිරීමට ඉඩදිය නොහැකි බවත් එය වළක්වාලීමට නම් 22 වැනි සංශෝධනය ගෙනආයුතු බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්