භාෂණයේ නිදහස අයිතියක් බවත් එය සීමා කළ හැක්කේ නීතියට පමණක් බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස්

අවධාරණය කර සිටියි.


ඔහු එම කාරණය සඳහන් කර සිටියේ, මාධ්‍ය ක්ෂේත්‍රයට බලපාන නීති පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා 'මාධ්‍ය නීති සංසදය' විසින් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (18) සංවිධානය කරතිබූ සම්මන්ත්‍රණය අමතමිනි.


භාෂණයේ නිදහස අයුතු ලෙස සීමා කරනවා නම්, අලුත් නීති ක්‍රියාත්මක කරගත හැකි බවත් සිවිල් නඩු හා අපරාධ නඩුවලට යොමු විය හැකි බවත් නීතිඥ සංගමයේ සභාපතිවරයා මෙහි දී පෙන්වා දුන්නේය.


භාෂණයේ නිදහස අවහිර වුව හොත් ඒ සම්බන්ධයෙන් ඇති නීති පිළිබඳ සොයා බැලිය යුතු බව මෙම සාකච්ඡාවේ දී සංවාදයට ලක්විය. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආචාර්ය රංග කලන්සුරිය, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී මන්දනා ඉස්මයිල් අබේවික්‍රම, ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක සහ මාධ්‍යවේදී නීතිඥ විරංජන හේරත්  ද මෙම සම්මන්ත්‍රණයේදී අදහස් දැක්විය.

PHOTO 2022 10 18 15 14 47

මෙහි දී තවදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මෙසේ සඳහන් කළේය.

 

''නීතිය හා භාෂණය නිදහස පාලනය කිරීමට අවශ්‍ය නැහැ. භාෂණය අයිතිය අපේ ස්වෛරී අයිතියක්. භාෂණයේ නිදහස උල්ලංඝනය වුණොත්. සියලු අයිතීන් උල්ලංඝණය වෙනවා. කෙසේ වෙතත් භාෂණයේ නිදහසට සීමා තියෙනවා. ඒවා සීමා වෙන්නේ නීතිය මගින්. ප්‍රචණ්ඩත්වය උසිගැන්වීම ඇත්නම් වළක්වන්න පුළුවන්. ඒකට නීතිය මගින් විතරයි ක්‍රියා කරන්න පුළුවන්.

 

පොලිසියට අදහස් ප්‍රකාශ කිරීම වළක්වන්න බැහැ. ඒකට නීතියක් ඇත්නම් විතරයි ක්‍රියාත්මක කරන්න පුළුවන්. භාෂණයෙ හේතුවෙන් පොදු සීමා උල්ලංඝණය වෙනවා නම් සීමා කරන්න පුළුවන් නවත්තන්න පුළුවන්. යම් පුද්ගලයකුට හිරිහැර කරන්න විමර්ශනය කිරීම වැරදියි. පුරවැසි භාෂණය ආරක්ෂා කිරීමට නඩු දාන ක්‍රම තියෙනවා. ඒකට අලුත් මූලික අයිතිවාසිකම් නඩු පවරන්න හා අපරාධ නඩු දාන්න පුළුවන්.


අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යම් සීමා තියෙනවා. යම් කෙනෙක් අපරාධ සඳහා පොළඹවනවා නම් ඒකත් වැරදියි. සාමකාමී අදහස් ප්‍රකාශ කිරීම වැළැක්වීම වරදක්. ඒක ලොකු පිපිරීමක් බවට අනාගතයේ දී පත්වෙන්න පුළුවන්. භාෂණයේ නිදහස හේතුවෙන් අලුත් නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන් සිවිල් නඩු දාන්න අපරාධ නඩුවලට යා හැකියි''


සම්මන්ත්‍රණය ඇමතු ආචාර්ය රංග කලන්සුරිය මෙසේ පැවසිය.
 
 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්