22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද සහ හෙට විවාදයට ගැනීමටත්, එහි දෙවනවර කියවීමේ ඡන්ද විමසීම සිකුරාදා පස්වරු 5ට පැවැත්වීමටත් නියමිතය.



22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබුණේ ඉකුත් පාර්ලිමේන්තු රැස්වීමේදීය. එහෙත් මතුවූ ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් එය අද සහ හෙට දක්වා කල් දැමිණ.

එසේ,  22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද විවාදයට ගැනෙන්නේ ඒ සම්බන්ධයෙන් ඇතැම් දේශපාලන පක්ෂ අතර පවා මතභේද පවතින පසුබිමකය. ඊට ආසන්නතම හේතුව වූයේ ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින්ට මැතිවරණ සඳහා ඉදිරිපත් විය නොහැකි බවට එම කෙටුම්පතේ සඳහන් වීමයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්ගෙන් 'නෙත් නිවුස්' කළ විමසීමකදි පැවසුවේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.

22කට පොහොට්ටු සහාය නෑ !



පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සහය දිය නොහැකි බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජනාධිපතිවරයාටද දැනුම්දී ඇත. ඒ, ඊයේ (19) පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ය.



විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවති අතර, පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ගණනාවක් එහිදී විසිදෙවැනි සංශෝධනයට විරුද්ධව අදහස් ප්‍රකාශ කර ඇත.

එහිදී අදහස් දක්වා ඇති හිටපු ඇමති එස් බී දිසානායක ප්‍රකාශ කර ඇත්තේ, ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කරන කිසිදු සංශෝධනයකට තමාගේ සහය නොදෙන බවය.

හිටපු ඇමති ආචාර්ය සරත් වීරසේකර අදහස් දක්වමින් දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ඡන්දය දුන් තමා විසි දෙවැනි සංශෝධනයට විරුද්ධව ද ඡන්දය දෙන බව පවසා ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් අදහස් දක්වමින් පවසා ඇත්තේ, විසිදෙවැනි සංශෝධනයට සහාය දීම විහිළුවක් වන බවය.

පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් රැසක් ඊට විරුද්ධව ඡන්දෙ දෙන බවද ඔහු සඳහන් කර ඇත ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත්තේ, කණ්ඩායමක් ලෙස එක්ව තීරණයක් ගත යුතුව ඇති බවයි.


''ආණ්ඩුවේ යෝජනාවක් පරාජය කරන්න ආණ්ඩුවේම පාර්ශවලට බැහැ '' - දිලුම් අමුණුගම

කෙසේවෙතත් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසන්නේ, ආණ්ඩුව විසින් ගෙන එන යෝජනාවක් පරාජය කිරීමට ආණ්ඩුවේම පාර්ශවලට නොහැකි බවයි.


 


එකග වූ ආකාරයට 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඉදිරිපත් කරන්නේ නම් ඊට සහය දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරීපත්ව, නිදහස ජනතා සභාව නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම සිය ස්ථාවරය මෙසේ පැහැදිලි කළේය.

 


සමගි ජනබලවේගයෙන් කළ විමසීමකදී එහි ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක පැවසුවේ කොන්දේසි ගණනාවකට යටත්ව 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට සහය ලබා දෙන බවයි.

 




උත්තර ලංකා සභාගය ද 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට සහය ලබාදෙන බව එය නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර පැවසිය.

 



22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ ස්ථාවරය පිළිබදවද එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙසේ අදහස් පළකළේය.

 

 
 කෙසේවෙතත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ අරමුණු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්‍ෂ පැහැදිලි කලේ මෙසේය.

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image