theleaderlk 01

සියවස් දෙකකට ආසන්න කාලයක් පුරා රටට විදේශ විනිමය සොයා දුන්නත්, කිසිදු මුලික අයිතිවාසිකමක් තහවුරු නොකිරීම ගැන කඳුකර දෙමළ ජනයා

ආණ්ඩුවට එරෙහිව විරෝධය දක්වා තිබේ.


'' 1893 සිට මේ දක්වා අවුරුදු 200 ක් ආසන්න වෙනවා කඳුකර දෙමළ ජනතාව ලංකාවට ඇවිත්. මෙතෙක් පැවති කිසිම ආණ්ඩුවක් ඒ ජනතාවගේ කිසිදු අයිතිවාසිකමක් ලබා දීලා නැහැ,``යැයි කඳුකර දෙමළ ජනයා රැකගැනීමේ සංවිධානයේ ප්‍රධානි  මාරිමුත්තු සතිවේල් පියතුමා පවසයි.


 ඉකුත් සති අන්තයේදී හැටන් මල්ලිඅප්පු හංදියට රැස්වූ සිය ගණනක් කඳුකර දෙමළ ජනයා සටන් පාඨ හඬ නගමින්, පුවරු ප්‍රදර්ශනය කරමින් ආණ්ඩුවට විරෝධය පාමින් අරගල කළේ තම අයිතිවාසිකම් ලබා නොදීමට එරෙහිවයි.

22 634c7237a4b3e22 634c7262a0a7922 634c7262dd9c3

'' ඉඩම් අයිතිය, භාෂා අයිතිය, සංස්කෘතික අයිතිය ඇතුළු බොහෝ අයිතීන් ඔවුන්ට ලැබිලා නැහැ,'' යැයි කඳුකර මාධ්‍යවේදීන් අමතමින් සතිවේල් පියතුමා අවධාරණය කරයි.

'' රටේ ආර්ථිකයට මෙන්ම සංවර්ධනයට ඉමහත් දායකත්වයක් දුන්නු කඳුකරයේ දෙමළ ජනයාගේ අද දවසේ ජිවන තත්වය නම් හරිම ශෝචනීයයි.''

සතිවේල් පියතුමා පෙන්වා දෙන්නේ කඳුකර දෙමළ ජනතාවට නිසි නායකත්වයක් නොමැති හෙයින් බලයට පත්වන සෑම ආණ්ඩුවක්ම ඔවුන්ව රැවටීමට ලක් කරන බවයි.