1200 x 80 DMirror

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා පාලනය යටතේ පැවති අධි ආරක්ෂක කලාපයක් තුලදී මරා දමා වසර විසි දෙකක් ගතවීත් යුක්තිය නොලද දෙමළ මාධ්‍යවේදියකු

උතුරු හා නැගෙනහිරදී  සමරා තිබේ.


වෙඩිල්ලෙන් නිහඬ කෙරුනු නිබය, සරල මාධ්‍යවේදියකු වූ නිමලරාජන් මයිල්වාගනම් මලින්, පහනින් ඔක්තෝබර් 19 බදාදා සමරා ඇත්තේ යාපනය මාධ්‍ය සමාජය, මුලතිව් මාධ්‍ය සමාජය සහ මඩකලපුව මාධ්‍ය සමාජය විසිනි.


ශ්‍රී ලංකාවේ ඝාතනයට ලක් වු මාධ්‍යවේදීන් අනුස්මරණය උදෙසා මඩකලපුව ගාන්ධි උද්‍යානය ඉදිරිපිට ස්ථාපිත කර තිබෙන ස්මාරකය අසලදී මාධ්‍යවේදීයාට  උපහාර දැක්වු මඩකලපුව දෙමළ මාධ්‍ය සංගමය, හා මඩකලපුව මාධ්‍ය සමාජය හා ඉල්ලා සිටියේ එම ඝාතනයට වග කිව යුත්තන් ලෝකය හමුවේ හෙළි කරන ලෙසයි.


යාපනය මාධ්‍ය සමාජයත්, මුලතිව් මාධ්‍ය සමාජයත් සිය කාර්යාල තුලදී නිමලරාජන් අනුස්මරණය කිරීමට කටයුතු  කර තිබේ.

Batticaloa 1Jaffna 01nimalavavunyvvuniya w

බලහත්කාරයෙන් අතුරුදහන් කර සිටින තමන්ගේ ආදරණීයයන්ට අත්වූ ඉරණම හෙළි කරන ලෙස රජයට බල කරමින් 2017 වසරේ සිට අඛණ්ඩව දින 2070 ක අරගලයක යෙදී සිටින වව්නියාව දෙමළ මව්වරුන්  විසින් මාධ්‍යවේදි  නිමලරාජන් මයිල්වාගනම් අනුස්මරණය කළ බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.

 

එහෙත් දකුණේ කිසිදු මාධ්‍ය සංවිධානයක් වැඩි වශයෙන්ම සිංහලෙන් උතුර වාර්තා කළ නිමලරාජන් සැමරූ බවක් දැනගන්නට නැත. විනාශකාරී යුද්ධයත්, එයින් පීඩා විඳින උතුරේ දෙමළ ජනකායත් පිළිබඳව යුද පීඩිත භූමියේ සිට දෙස් විදෙස් මාධ්‍ය ඔස්සේ ලෝකයේ අවධානය යොමු කිරීමට මාධ්‍යවේදි  නිමලරාජන් මයිල්වාගනම්ට හැකිවිය.

 

හරය, බීබීසී සහ වීරකේසරී ඇතුළු ආයතන වෙත දෙමළ සිංහල දෙබසින්ම වාර්තා සැපයීමේ නිරත නිමලරාජන් 2000 ඔක්තෝබර් 19 රාත්‍රියේ යාපනයේ සිය නිවසේදී වෙඩි තබා මරා දමන ලද්දේ යුද පීඩිත ජනයා පිළිබඳව වීරකේසරී පුවත්පතට ලිපියක් ලියමින් සිටියදීය.


හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාලන සමයේ සිදුකළ එම ඝාතනය සම්බන්ධයෙන් අදත් යුක්තිය ඉටුවී නැත.


මයිල්වාගනම් නිමලරාජන්ට සිය නිවස තුලදී අත් බෝම්බ ගසා වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වුනු රජය සමග එක්ව සිටි ඊපීඩීපී අතුරු හමුදා කල්ලි සාමාජිකයන් 2003 දී වව්නියාවේ අධිකරණය විසින් නිදහස් කර යවන ලදී.

 

එම ඝාතනය සම්බන්ධයෙන් සෘජුවම සැකකෙරෙන ඊපීඩීපී ප්‍රබලයකු වන නැපෝලියන් යනුවෙන් ප්‍රකට සෙබස්තියන් පිල්ලේ රමේෂ් පොලිස් ප්‍රශ්න කිරීමකින් තොරවම රටින් පලාගොස් බ්‍රිතාන්‍යයේ රැකවරණ ලබා සිටින බව වාර්තා විය. මාධ්‍යවේදී මයිල්වාගනම් නිමලරාජන්ගේ ඝාතනය සම්බන්ධයෙන් 2022 පෙබරවාරි 22 දා නොදම්ටන්ෂයර් ප්‍රාන්තයේදී අත් අඩංගුවට ගන්නා ලද හතලිස් අට හැවිරිදි පුද්ගලයකු පසුව නිදහස් කර යවා ඇති මුත් පරීක්ෂණ දිගටම පැවැත්වෙන බව පොලිසිය පවසා තිබුනි.

 

අත් අඩංගුවට ගන්නා ලද්දේ නිමලරාජන් ඝාතනයේ ප්‍රධාන සැකකරුවකු වන නැපෝලියන් නමින් ප්‍රකට සෙබස්තියන්පිල්ලේ රමේෂ් බව ලාංකික හා ඩයස්පෝරා මාධ්‍ය ආයතන ගණනාවක්ම වාර්තා කර තිබුනත් බ්‍රිතාන්‍ය පොලිස් බලධාරීන් ඒ බව තහවුරු කර නැත. ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ඒ සම්බන්ධ විස්තර ඉල්ලා ඇති බවක්ද දැනගන්නට නැත.


කෙසේ වෙතත්, ඝාතනය පිළිබඳ තොරතුරක් දන්නේ නම් SO15Mailbox.WarCrimesTeam@met.police.uk යන ඊමේල් ලිපිනයට දන්වා එවන ලෙස පොලිසිය ඉල්ලා සිටී. 



චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන සමයේ ප්‍රබල ඇමැතියකු වූ ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්ද වර්තමාන රජයේද ධීවර අමාත්‍ය ධුරය හොබවයි.
 

ඔහුගේ ඝාතනයෙන් දස දිනකට පෙර පාර්ලිමේන්තුවට තේරී පත්වූ කරු ජයසූරිය සමග මේ වසරේ නිමලරාජන් සමරුවෙන් සිව් දිනකට පෙර යාපනයට ගොස් සිටි හිටපු BBC හා රාවය මාධ්‍යවේදීන්, සිවිල් ක්‍රියාධරයන් මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ද පිරිසක් ඩග්ලස් දේවානන්ද ඇමතිවරයා සමග 'සංහිඳියාව' ගැන කතා කරන සමුළුවක් පවත්වා තිබුණි.

karu 2karu 1

ශ්‍රී ලංකාවේ සිදුවූ පැහැරගැනීම්, නඩු නැති ඝාතන, වධහිංසා සහ අතුරුදහන් කිරීම් ඇතුළු බරපතල මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් රටතුල යුක්තිය ඉටුවන බවට කිසිදු විශ්වාසයක් නැති දෙමළ ජනතාව ඉල්ලා සිටින්නේ ජාත්‍යන්තර යුක්ති විනිශ්චයකි.



 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය