''මෙහෙම ගියොත් නන්දාමාලනි සුනිල් ආරියරත්නත් පුනරුත්ථාපනය කරන්න වෙනවා'' යයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආචාර්ය රංග කලන්සුරිය පවසයි.



ඔහු එබව සඳහන් කර සිටියේ, මාධ්‍ය ක්ෂේත්‍රයට බලපාන නීති පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා 'මාධ්‍ය නීති සංසදය' විසින් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පෙරේදා (18) සංවිධානය කරතිබූ සම්මන්ත්‍රණය අමතමිනි.


භාෂණයේ නිදහස අවහිර වුව හොත් ඒ සම්බන්ධයෙන් ඇති නීති පිළිබඳ සොයා බැලිය යුතු බව මෙම සාකච්ඡාවේ දී සංවාදයට ලක්විය. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී මන්දනා ඉස්මයිල් අබේවික්‍රම, ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක සහ මාධ්‍යවේදී නීතිඥ විරංජන හේරත් ද මෙම සම්මන්ත්‍රණයේදී අදහස් දැක්විය.


ආචාර්ය රංග කලන්සුරිය සම්මන්ත්‍රණය අමතමින් මෙසේ සඳහන් කළේය.

 

''ඔබේ භාෂණ අයිතිය වෙනුවෙන් 'මාධ්‍ය නීති සංසදය' ඉදිරිපත් වෙනවා''


PHOTO 2022 10 18 15 14 47

' භාෂණයේ නිදහස මාධ්‍යවේදීන්ට පමණක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි. ඒක මා මුලින්ම කිව යුතුයි. භාෂණයේ නිදහස පුද්ගල නිදහසක්. මෙතන නීතිඥයෝ ඉන්නවා. ජනාධිපති නීතීඥයෝ ඉන්නවා. මම වැරදි නං නිවැරදි කරන්න. මම හිතන ආකාරයට භාෂණයේ නිදහස, පුද්ගල අයිතියක්. අද පුද්ගල අයිතිය භාෂණයේ නිදහස පැත්තෙන් විවිධ ආකාරවලින් සමාජගත වෙනවා. විවිධාකාරයෙන් ප්‍රායෝගික වෙනවා. ප්‍රධානම විදියට සමාජ මාධ්‍යයෙන්. ඒ හින්දා සමාජ මධ්‍යයේ ඔබ හැසිරෙනකොට ෆේස්බුක්, ට්විටර්, ටික්ටොක්, යූ ටියුබ් පාවිච්චි කරනකොට ඔබ ආචාර ධාර්මික නම් ඔබ ප්‍රජාතන්ත්‍රවාදී නම් ඔබ බොරු කියන්නේ පතුරවන්නේ නැත්නම් ඔබ වෛරී ප්‍රකාශන පතුරවන්නේ නැත්නම්, ඔබේ ප්‍රකාශනය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නම් එහෙම ප්‍රකාශනයක් කළහම ඔබේ භාෂණයට බාධා වෙනවද 'මාධ්‍ය නීති සංසදය' ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙනවා ..


අපි මේ උත්සාහ කරන්නේ මොකක් ආරක්ෂා කරන්නද? ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න? ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා කියලා කට වචනයට කියලා වැඩක් නැහැ. ඒක ප්‍රායෝගික වෙන්න ඕනේ. ඒක මහජන සුභසිද්ධිය සඳහා වෙන්න ඕනේ. මට ආරාධනා කළේ වෙන රටවල් මේ වගේ වැඩ වලදී, මේ වගේ ක්‍රියාදාමයන් වලදී තියෙන ප්‍රවණතා ගැන පොඩ්ඩක් අදහස් දක්වන්න කියලා. සුමිත් නාකන්දලා වගේ තානාපතිවරයෙක් ඉස්සරහා තියාගෙන මට ඕවා ගැන හුඟක් ලොකුවට කතා කරන්න බැහැ. එයා ජාත්‍යන්තර කරුණු ගැන හොඳින් දන්නා කියන කෙනෙක්..  නමුත් මා දන්නා ටික මම කියන්න උත්සහ කරන්නම්.

මුළු ආසියාව ගැනම මට කියන්න වෙලාවක් නැහැ. හැකියාවකුත් නැහැ. මට දැනුමකුත් නැහැ එච්චර. නමුත් මට හිතුණා උදාහරණ දෙකක්. ලංකාව දෙපැත්තෙන් ගන්න. එකක් අපිට ලංකාවෙන් එක පැත්තක ඉන්දියාව අනිත් පැත්තක ඉන්දුනීසියාව. අද ලංකාව මුහුණ දෙන අතිශය බැරෑරුම් ආර්ථික අර්බුදය හමුවේ ඒ සන්දර්භයටත් එක්ක එක්කහු කරලා මට මේ රටවල් දෙක ගැන කතා කරන්න අවසර දෙන්න. මොකද මේ රටවල් දෙකම අපි මුහුණ දෙන අභියෝගයට මුහුණ දුන්නා. අපි මුහුණ දෙන ප්‍රශ්න වලට ඒගොල්ලොත් මුහුණ දුන්නා. මේ රටවල් දෙකම. ඉන්දියාව අනූවේ මුල භාගයේ. ඉන්දුනීසියාව, අනූ අටේ අග භාගයේ. සමහර වෙලාවට ඉන්දුනීසියාව වගේ රටක් අපට වඩා දරුණුවට මුහුණ දුන්නා ඒක. නමුත් මේ රටවල් දෙකම දෙදාස් විසි හතරේ ඉඳන් ලෝකයේ ලොකුම ආර්ථික පහෙන් දෙකක් බවට පත්වෙනවා. ඉන්දුනීසියාවත්, ඉන්දියාවත් ලෝකයේ ප් රබලම ආර්ථික ආර්ථිකයන් පහෙන් දෙකක් බවට පත්වෙනවා. ඇත්තෙන්ම ලෝකයේ ආර්ථික පහෙන් හතරක් ආසියාවේ දෙදාස් විසි හතරේ ඉඳන්. ඉන්දියාව, ජපානය, චීනය සහ ඉන්දුනීසියාව. ආසියාවෙන් පිට ඉන්නේ ඇමරිකාව විතරයි. පහෙන් හතරක් ආසියාවේ.

 

manmohan narsimha 20160704 630 630

නරසිංහ රාඕ - මන්මෝහන් සිං

 

මං මේ කියන උදාහරණ දෙක ඉන්දියාවත්, ඉන්දුනීසියාවත් ආර්ථික අර්බුධ වලට මුහුණ දීලා තව අවුරුදු දෙකකින් ලෝකේ ප්‍රබලම ආර්ථිකය බවට පත් වෙනවා. කොහොමද අවුරුදු විසි හතරක්, විසි පහක් ඇතුලත එතන්ට ගියේ. අනූ ගණන් වල මුල ඉන්දියාවේ මේ ප්‍රශ්නය ඇති වුණහම අවුරුදු දෙකක් ඇතුලත ආණ්ඩු හතරක් මාරු වුණා. අගමැතිවරු හතර දෙනෙක් පත්වුණා. අවුරුදු දෙකක් ඇතුළත. ඉන්දියාවේ. ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදය. හතරවෙනි අගමැතිවරයා තමයි පොඩ්ඩක් රට හරිගස්සලා ගත්තේ. ඒ තමයි නරසිංහ රාඕ අගමැතිතුමා. ඒ වෙනකොට අගමැතිවරු තුන්දෙනෙක් මාරු වෙලා. නරසිංහ රාඕ  තේරුම් ගත්තා මේ ප්‍රශ්නෙට ආර්ථික විසඳුම විතරක් නෙමෙයි තියෙන්නේ. දේශපාලන විසඳුමකුත් ඕනෙයි කියන එක. හැබැයි එතුමා තෝරගත්තා ඒ රටේ හිටපු මොළ හතක්. ඒ තමයි මන්මෝහන් සිං. මන්මෝහන් සින්ට පුලු පුලුවන් උනා. අවුරුදු තුනක් ඇතුලත රට ආපහු හරි මාර්ගයට ගන්න එතුමටත් අගමැති පුටුවට යන්න.

 

හැබැයි ඉන්දියාවේ දේශපාලන ප්‍රතිසංස්කරණ එච්චරම අවශ්‍ය නැහැ. මොකද ඉන්දියාවේ මුල හරි ප්‍රබලයි. පදනම ප්‍රබලයි. කාරණා හතරකින්. එකක් තමයි පුද්ගල නිදහස ඇත්තටම පළවෙනි එක. නම්බර් වන් ඊස් රූල් ඔෆ් ලෝ. නීතියේ ආධිපත්‍ය ඒක තමයි ඉන්දියාවේ පළවෙනිම එක. දෙවෙනි එක පුද්ගල නිදහස. තුන්වෙනි එක කමියුනිල් ඉන්ටග් රිටි සමාජේ ඇතුලත අන්තර් සමාජීය සම්බන්ධතාවය. හතරවෙනි එක කල්චරල් ඩයිවර් සිටි. සංස්කෘතික විවිධත්වය. ඔය හතර ඇතුළත ඔය ඔය කුණු කණු හතර උඩ හදපු ඉන්දියාවට වැටෙන්න බැහැ. සමාජ ප්‍රතිසංස්කරණ, දේශපාලන ප්‍රතිසංස්කරණ එච්චර ඕන වුන්නෑ.


හැබැයි ඉන්දියාව ඉතාම ඉක්මනින් අවුරුදු තුනක් හතරක් ඇතුලත ආපහු ට්රැක් එකට ආවා. ඉන්දුනීසියාවෙත් එහෙමයි. අනූ අටේ සුහර්තෝගෙන් පස්සේ කඩා වැටුණු ඉන්දුනීසියාව, දෙදාස් විසි හතරේ ලෝකයේ පස්වෙනි ආර්ථිකය බවට පත්වෙනවා. හැබැයි මේ රටවල් දෙකේම මිනිස්සු පාරට බැස්සා. මේ රටවල් දෙකේම මිනිස්සු පාරට බැහැලා තියෙන ආණ්ඩු වලට ගෙදර යන්න කිව්වා. සුහර්තෝට ගෙදර යන්න වුණා. මේ රටවල් දෙකේම අතිශය ප්‍රබල මහජන අරගල එළියට ආවා. හැබැයි ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේදී ඒ අරගලකරුවන් කිසි කෙනෙක් අත්අඩංගුවට ගන්න හෝ මර්ධනය කරන්න ගියේ නැහැ. සුහර්තෝගෙන් පස්සේ ආපු හබීබී සියලු දේශපාලන සිරකරුවෝ නිදහස් කළා. මන්මෝහන් සිං සහ නරසිංහ රාඕ ආණ්ඩුව යම් ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්තා. හැබැයි ප්‍රතිසංස්කරණ පටන් ගත්තහම ඒ සියල්ල නිදහස් කළා.


ඔවුන් පුනරුත්ථාපනය කරන්න කතා කළේ නැහැ. අපේ මෙහෙම යන කොට නන්දා මාලනීවයි, සුනිල් ආරියරත්න තමයි පුනරුත්ථාපනය කරන්න වෙනවා. අලුතෙන් ආපු පනත් කෙටුම්පතේ ඒකේ කොටස් හතරක් පැහැදිලි කරලා, පස්වෙනි කොටස තියෙනවා වෙනත් කියලා. වෙනත් කියන්නේ ඕනම කෙනෙක්. ආණ්ඩුවට හිතුනොත් මේ යකාව පුනරුත්ථාපනය කරන්න ඕනේ කියලා පුනරුත්ථාපනය කරනවා. ඒ කියන්නේ පවතින දේශපාලන මඩ ගොහොර එපා අපිට අලුත් දේශපාලන සංස්කෘතියක් ඕනෙයි කියලා කිව්වොත් ඒක පුනරුත්ථාපනය කරන්න ඕන කාරණයක්. ඒකේ පටන් අරන් තියෙන්නෙම නොමඟ ගිය සටන්කාමීන් කියලා. නොමඟ ගිය සටන්කාමීන්, නිර්වචනය කරන කොටස, නොමඟ ගිය සටන්කාමීන් කවුද කියලා, නිර්වචනයේ නැහැ. ඒ කියන්නේ ඕන කෙනෙක්ට පුළුවන්, අර අපි ලඟදිත් ඇහුවනේ එක්කෙනෙක් කියනවා. එයා නොමඟ ගිහිල්ලා හිටියේ. දැන් නම් එයා හරි මගට තියෙනවා. ඒ හින්දා අපි එයාට සහයෝගය දෙමු කියලා. ඒ කියන්නේ එයා නොගිය, මඟ ගිය ඔක්කොම නොමඟ ගිය අය. ඔවුන් පුනරුත්ථාපනය විය යුතුයි.
 
 
202205091851 main
 
බැහැරුඩින් යූසුෆ් හබීබි (Bacharuddin Jusuf Habibie)
 
 
ඉන්දුනීසියාවේ මේ වැඩේ උනේ නැහැ. හබීබි, හබීබී කියන්නේ හරිම ලස්සන චරිතයක්. සුහර්තෝ (Suharto) ජනාධිපතිවරයා අනූඅට අග වෙනකොට තේරුණා එයාට යන්ඩ වෙනවා කියලා. අවුරුදු තිස් හතක් රට පාලනය කරලා, රට විනාශ කරලා, හොරකම් කරලා . සුහර්තෝ ජනාධිපතිවරයට හිටියා පුත්තු තුන්දෙනෙක්. තාමත් ඉන්නවා. පුත්තු තුන්දෙනාට අමතරව තව දූලා තුන්දෙනෙකුත් හිටියා. එතකොට බෑනාවරු තුන්දෙනෙකුත් එනවානේ. පවුලේ විශාලත්වය හිතාගන්න පුළුවන්නේ.
 

සුහරතෝ දැනගෙන හිටියා අනූ අටේ අග වෙනුවට එයාට යන්න වෙනවා කියලා. ඒ හින්දා එයා මොකද කළේ? එයාගේ හොඳම හිතවතා. එයාගේ දරුවා වගේ හදාගත්ත එක්දහස් නමසිය හැත්ත පහේ ඉදන් දරුවා වගේ පවුලේ කෙනෙක් වගේ තියාගත්ත හබීබි, එතකොටත් ඇමතිවරයෙක් විද්‍යා හා තාක්ෂණ ඇමතිවරයාත් ඉංජිනේරුවෙක්. ජර්මනියේ ඉගෙන ගත්තේ. ජර්මනියේ ඉගෙන ගන්නකොටමයි එන්න කියන්නේ. එන්න ඇවිල්ලා මගෙත් එක්ක එක්කහු වෙලා මේ රටේ තාක්ෂණය දියුණු කරන්න එක්කහු වෙන්න කියලා.
 
 
සුහර්තෝව මිනිසුන්ට එපා උනාට, හබීබිව එපා වෙලා තිබුන් නෑ. හබීබි ඉතා දක්ෂයෙක්. හැබැයි සුහර්තෝ කල්පනා කළා, මම යනවනම්, මමත්, මගේ පවුලෙත් ආරක්ෂාව තියෙන්න ඕනේ. එහෙම ආරක්ෂාව මගේ පරපුරේ, සුහර්තෝවරුන්ගේ ආරක්ෂාව රැඳෙන්න නම්, හබීබිව ජනාධිපති කරන්න ඕනේ කියලා. හබීබිව උප ජනාධිපති කළා. ව්‍යවස්ථානුකුලව, සුහර්තෝ ආණ්ඩුවෙන් පහ කෙරුනහම, සුහදව එලෙව්වහම ජනාධිපති වුණේ හබීබි. හබීබිට ලොකූ ප්‍රෙෂර් එකක් ආවා. බලපෑමක් ආවා අර සුහර්තෝ වරුන්ගේ හොරකම් හොයන්න. හොරාකාපු සල්ලි ටික ආපහු ගන්න කියලා. හැබැයි හබීබි එක නඩුවක් දැම්මේ නෑ. දිවිහිමියෙන් සුහර්තෝවරු ආරක්ෂා කළා.
 

202103052200 main.cropped 1614956468
 
 
සුහර්තෝවරුන්ට නඩු ආවේ හබීබි ගියායින් පස්සේ. හබීබී තනතුරේ හිටියේ මාස දාහතයි. ඒ මාස දාහත ඇතුලත ඔහුට ආපු බලපෑම ඔහු බැලන්ස් කරගත්තා. කොහොමද බැලන්ස් කරගත්තේ? ඔහු ඉතාම දැඩි ප්‍රතිසංස්කරණ පටන් ගත්තා. දේශපාලන ප්‍රතිසංස්කරණ. රට ගොඩ ගැනීමේ අඩිතාලම ෆවුන්ඩේෂන් එක දැම්මේ හබීබි . අදත් ඔහුට ඒ වෙනුවෙන් ගරු කරනවා. සුහර්තවරු ඇල්ලුවේ නැහැ කියලා තියෙන චෝදනාවට වඩා ඔහුට ගරු කරනවා ඔහු ප්‍රතිසංස්කරණ පටන් ගත්ත නිසා. ඔහු කිව්වේ නැහැ සුහර්තෝව එලවපු එවුන්ව ප්‍රතිසංස්කරණය පුනරුත්තාපනය කරමු කියලා. එහෙම කතාවක් කිව්වේ නැහැ. හබීබි මුලින්ම කළේ දේශපාලන සිරකරුවෝ ඔක්කොම නිදහස් කරපු එක. දේශපාලන පක්ෂ ලියාපදිංචි වෙන්න ඉඩ දුන්නා. එක් බලවත් කේන්ද්‍රගත බලය සම්පූර්ණයෙන්ම ප්‍රාන්ත වලට සහ ප්‍රාදේශීය පාලනයට භාර දුන්නා.
 
 
 
අතිශය දරුණු, එයාගේ පළවෙනි ඇජෙන්ඩා එක මාධ්‍ය ප්‍රතිසංස්කරණ. හබීබි ගේ දේශපාලන ප්‍රතිසංස්කරණ පළවෙනි එක මාධ්‍ය ප්‍රතිසංස්කරණ, ජරා ජීර්ණ වෙච්ච සම්ප්‍රදායික, දූෂණයට ලක්වෙච්ච මාධ්‍ය සම්පූර්ණයෙන්ම ඔහු ප්‍රතිසංස්කරණය කළා. ලෝකෙටම ආදර්ශයක් වෙච්ච ඉන්දුනීසියාව පුවත්පත් මණ්ඩලය ඔහු පිහිටෙව්වා. විකාශන මණ්ඩලය පිහිටෙව්වා. ඒ වගේ ප්‍රබල ප්‍රතිසංස්කරණ කළා මාස දාහතක් ඇතුලත. මාස දාහතක් ඇතුලත රට හොඳ අඩිතාලමක් දැම්මා. මොකද ඔහු තාක්ෂණිකයෙක්. ඉංජිනේරුවෙක්. ඔහු වැඩියෙන්ම කළේ රටට ටෙක්නොලොජි එක ගෙනාපු එක. තාක්ෂණ විප්ලවය කරපු එක. හැබැයි මාස දාහතයි. ඔහු පත් වෙලා මුල්ම මාස ප්‍රකාශයට පත් කළා මහ මැතිවරණය. ඔහු කිව්වා මං ඉන්නේ මෙච්චර කාලයයි. මහ මැතිවරණය තියන්න ඕනේ. රට කඩා වැටිලා තියෙන්නේ කියල.
 

අපිත් හිතුවා අප්‍රේල් මාසේ, මාර්තු මාසේ වෙනකොට සාලිය පීරිස් මහත්තයයි, මමයි කොච්චර නම් ෆෝන් එකෙන් කතා කර ගන්න ඇත්ද? අපිත් හැදුවා සැලසුම්. ඔක්කොම පක්ෂ එක්කහු කරමු. තරුණයෝ කණ්ඩායමකට භාරදෙමු.  සියලු දේශපාලන එක්කහු වෙලා ජාතික වැඩ පිළිවෙල කෙටි කාලයකට යන්න යෝජනා කරමු මාසයක්, දෙකක් යන කොට මමත් පොඩ්ඩක් වටපිට බැලුවහම ලෝකයේ කඩා වැටිච්ච ආර්ථිකය දිහා බැලුවහම, රටවල් දිහා බැලුවහම කිසිම රටක් නැහැ ඔය අපි කියන මොඩ්ල් එක පාවිච්චි කරලා. කිසිම රටක් නැහැ. ආජන්ටිනාව තාම කඩා වැටෙනවා. ඇයි? අර කොමන් මිනිමම් ප් රෝග් රෑම් එකකට. අවම පොදු වැඩ පිළිවෙලකට යන්න සියලු දේශපාලන පක්ෂ එකතු වෙච්ච රටක්. මට නම් හොයාගන්න බැරි වුණා. මම වැරදි ඇති. නිවැරදි කරන්නත් පුලුවන්.
 
 
ඒ හින්දා හොඳම දේ තමයි හැකි ඉක්මනින් මැතිවරණයකට ගිහිල්ලා ස්ථාවර ආණ්ඩුවක් පිහිටව ගන්න එක. හුඟක් රටවල් කළේ ඒක. ඉන්දියාවත් කළේ ඒක. ඉන්දුනීසියාවේ හබීබි කළෙත් ඒක.
 
 
හබීබිගේ කතන්දරේ දිගට කියන්න පුළුවන්. කිසිම නඩුවක් දැම්මේ නැහැ සුහර්තොලටවිරුද්ධව. කිසිම පරීක්ෂණයක් ආරම්භ කළේ නැහැ. දිවිහිමියෙන් ඔවුන් ආරක්ෂා කළා. හැබැයි මාස දහහතකට පසුව ඔහු ගෙදර ගියා. ගෙදර ගියායින් පස්සේ නඩු කිහිපයක් වැටුණා සුහර්තෝ පවුලට. වැඩියෙන්ම වැටුණේ පුතාට. බාල පුතාට. ටොමී අබීට. මිනිහා තමයි හොඳටම කළේ. කොච්චර හොඳට වුණාද කියනවා නම්, නඩු තීන්දුත් දෙකක් විතර තියෙනවා. එරෙහිව දාපු නඩුවල, වත්කම් ආපහු පවරන්න කියලා නඩු දෙකක් විතර තීන්දුත් තියෙනවා. හැබැයි සත පහක්වත් දීලත් නැහැ තාම. කොච්චර නොදුන්නද කියනවා නම් කොච්චර බලවත්ද? අවුරුදු විසි හතරකට පස්සේ. තාමත් ඉන්දුනීසියාවේ හොල්මන් කරන්නේ, නූල් සූත්තර අදින්නේ කැබිනට් එකට ඇමතිවරු හුඟක් වෙලාවට පත්කරන්නේ අර සුහර්තෝගේ කට්ටිය.
 

පහුගිය ජනාධිපතිවරණයේදී දැන් ඉන්න ජනාධිපතිට එරෙහිව ඉදිරිපත් වුණේ සුහර්තෝගේ බෑනා. ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ජොකෝවිට විරුද්ධව ඡන්දේ ඉල්ලලා පැරදුනා. හැබැයි දැන් ඔහු ජොකෝවිගේ කැබිනට් එකේ ආරක්ෂක ඇමති. දේශපාලනයේ හැටි ඔහොම තමා.
 
 
ඔය මොන දේ වුණත් ඔය මොන දේ වුණත් ඉන්දුනීසියාව අපි කියන විදිහට ගේම ගැහුවා. ලබන අවුරුද්දේ ඉදන් ලෝක ආර්ථිකයේ පස්වෙනි තැනට එනවා. කොහොමද ඒක කළේ? ප්‍රතිසංස්කරණ වලින්. ඒ ප්‍රතිසංස්කරණවල වැඩියෙන්ම ආරක්ෂා කළේ මොකක්ද? භාෂණයේ නිදහස. මා මේ කතා කළේ රටවල් දෙකක් ගැන. එකක් ඉන්දියාව. ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රට. අනිත් රට ඉන්දුනීසියාව, ලෝකයේ විශාලතම මුස්ලිම් ජනගහණයක් ඇති ප්‍රජාතන්ත්‍රවාදී රට.
 


Freedom of speech

මම ලංකාව ගැන කතා කරන්න යන්නේ නැහැ. නමුත් භාෂණයේ නිදහස ඉතාම ඉහළින් ආරක්ෂා කළ යුතු යුගයක් ලංකාවත් කොයි මොහොතක හරි මම මේ කියපු රටවල් දෙකේ පාරට පටන් ගන්න වෙනවා. ඒ පාරට බහින්න වෙන්නේ ආර්ථික ප්‍රතිසංස්කරණ වලින් නෙමෙයි. ආර්ථික ප්‍රතිසංස්කරණ කියන්නේ ඒකේ බයි ප්‍රඩක්ට් එකක්, තවත් පැරඩල් පාරක් විතරයි. අපිට යන්න තියෙන ප්‍රධානම පාර, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ. දේශපාලනික ප්‍රතිසංස්කරණ. ඒ ප්‍රතිසංස්කරණ නැතුව මොන ආර්ථික ප්‍රතිසංස්කරණය ගෙනාවත් ස්ථාවර දේශපාලනයක් නැතුව, ස්ථාවර ආණ්ඩුවක් නැතුව, අර ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න බැහැ.
 

අද මේ 'මාධ්‍ය නීති සංසදය' ආරම්භ කරන්නෙත්, මේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ එක කොටසක් විදියට. ඔබේ භාෂණයේ ඔබේ අදහස් ප්‍රකාශ කිරීමේ ගැටළු ආවොත් ඔබට උදව් කරන ක්‍රමයක් අපි ආරම්භ කළා ..''





සබැඳි පුවත් :
භාෂණයේ නිදහස අයිතියක් - නීතිඥ සංගමයේ සභාපති


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්