1200 x 80 DMirror

උතුරේ දියත් කළ යුද්ධයෙන් විනාශ වූ පුදුකුඩිඉරිප්පුවේ ආනන්දපුරම් ප්‍රදේශයේ ඉඩමක

වෛද්‍ය උපකරණ අතර තිබී හමුවූ මිනිස් අස්ථි කොටස් පිළිබඳව  වෝහාරික පරීක්ෂණයක් සිදුකරන ලෙස මුලතිව් දිසා විනිසුරුවරයා අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කර තිබේ.

දිසා විනිසුරු ටී. සරනවරාජා අධිකරණ වෛද්‍ය නිලධාරී ආර්. රොහාන්ට එම නියෝගය කර ඇත්තේ ආනන්දපුරම් ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමකින්  ඔක්තෝබර් 19 වැනි බදාදා මිනිස් අස්ථි කොටස් කිහිපයක් ගොඩ ගැනීමෙන් පසුවයි.

මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආනන්දපුරම්හි පෞද්ගලික ඉඩමක තිබී මේ මස 11 වැනිදා මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමුවී තිබුනි.

පුදුකුඩිඉරිප්පු පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මුලතිව් දිසා විනිසුරුවරයා ඉදිරියේ එම ඇටකටු ගොඩ ගැනීම ඊයේ දිනයේ සිදු කෙරුනි.

ඒවා පරීක්ෂණ කටයුතු සදහා මුලතිව් රෝහලට යොමු කර ඇති බව පළාත් බද මාධ්‍යවේදීහු පවසති.

ප්‍රදේශවාසීන් පවසන්නේ  මිනිස් අස්ථි කොටස් හමුවු  ස්ථානයේ මීට ඉහතදී එල්.ටී.ටී.ඊ සංවිධානයේ රෝහලක් පැවැති බවයි.

අධිකරණ කටයුතු  දෙසැම්බර් 13 යළි  වැනිදා සිදු කිරීමට නියමිතය.

 

  


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය