theleaderlk 01

22 වැනි සංශෝධනයේ ගෞරවය යහපත් සමාජ, ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් සාමකාමී අරගලයක නිරත වූ තරුණ තරුණියන් ඇතුළු පුරවැසියන්ට හිමි විය යුතු බව 'අරගලයේ' පාර්ශවකාර

සංවිධානයක් අවධාරණය කර සිටියි.

එබව සඳහන් කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත්කර ඇත්තේ  Black Cap Movement සංවිධානයයි.

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට සහය දැක්වූ සියළු දේශපාලන පක්ෂ සහ එයට පක්ෂව පාර්ලිමේන්තුව තුළ ඡන්දය ලබා දුන් සියළු මන්ත්‍රීවරුන්ට ස්තුතිය පුද කිරීමට මෙය අවස්ථාවක් කරගන්නා බවද එම සංවිධානය නිකුත්කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ මූලික කාර්යයක් ලෙස ව්‍යවස්ථාදායක සභාවක් පාර්ලිමේන්තුව තුල ස්ථාපිත වන අතරම අධිකරණ හා රාජ්‍ය සේවය ස්වාධීන කිරීමට හැකි වනු ඇති අතර මේ මොහොතේ අප විසින් බලාපොරොත්තු වන සියළු ප්‍රගතිශීලී ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ 22වන ව්‍යවස්ථා සංශෝධනය තුළ අන්තර්ගත නොවුනත්, මෙරට බිහිවූ නරක ම ව්‍යවස්ථා සංශෝධනය වූ 20වන සංශෝධනය අහෝසි කර ගැනීමට 22වන සංශෝධනය අවස්ථාවක් වූ බව Black Cap Movement වැඩිදුරටත් කියා සිටියි. 

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 new logo