1200 x 80 DMirror

ලංකා ජාතික වතු කම්කරු සංගමයේ සභාපති ලෙස සාගල රත්නායක පත් කිරීමට

එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ මණ්ඩලය තීරණය කර ඇත.

එක්සත් ජාතික පක්ෂ නායක, ජනපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ කළමනාකරණ මණ්ඩලයේ දී මෙම තිරණය ගෙන තිබේ.

ජාතික වතු කම්කරු සංගමයේ සභාපති ලෙස කටයුතු කරනු ලබන සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කළමනාකරණ මණ්ඩල හමුවට සහභාගී වී ඇති අතර එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් එම තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවය.

නව සභාපතිවරයෙකු පත් කරන ලෙස කළ දැනුම් දීමට අනුව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක පත් කිරීමට එහිදී තීරණය වී තිබේ. ලබන සතියේදි හරීන් ප්‍රනාන්දු තනතුරින් ඉල්ලා අස්වීමෙන් පසුව සාගල රත්නායක මෙම තනතුරේ රාජකාරී ආරම්භ කිරීමට නියමිතය.

ලංකා ජාතික වතු කම්කරු සංගමය එක්සත් ජාතික පක්ෂයේ පැරණි වෘත්තීය සමිතිවලින් එකකි.

 
 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 new logo

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය