1200 x 80 DMirror

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 (Super 12) දෙනාගේ වටයේ තරග අද (22) සිට ආරම්භ වෙයි.

 

අද දිනයේදී තරග 2 ක් පැවැත්වීමට නියමිත ය.

සුපිරි 12 දෙනාගේ වටය ආරම්භ කරමින් වත්මන් පන්දුවාර 20යි 20 ලෝක ශූර සත්කාරක ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අද තරග බිමට පිවිසෙයි.

සිඩ්නිහිදී මෙම තරගය පැවැත්වෙන අතර, එය මෙරට වේලාවෙන් දහවල් 12.30ට ආරම්භ වීමට නියමිතය.

අද දිනයේ සුපිරි 12 වටයේ දෙවැනි තරගය ඇෆ්ගනිස්ථානය සහ එංගලන්තය අතර පර්ත්හිදී පැවැත්වෙයි.

එම තරගය මෙරට වේලාවෙන් සවස 4.30ට ආරම්භ වීමට නියමිත අතර තරග දෙකටම ඇතැම් විට වර්ෂාවෙන් බාධා එල්ල විය හැකි බවට විදෙස් වාර්තාවල සඳහන් ය.


ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරඟය හෙට...

පළමු කාණ්ඩය යටතේ ඇෆ්ගනිස්ථානය, ඕස්ට්‍රේලියාව, එංගලන්තය හා නවසීලන්තය එම වටයට සෘජුවම සුදුසුකම් ලැබිය. ශ්‍රී ලංකාව එම කාණ්ඩයට තේරී පත් වුණේ සුදුසුකම් ලැබීමේ වටයේදී A කාණ්ඩයේ පෙරමුණ ගනිමිනි. සුදුසුකම් ලැබීමේ වටයේ B කාණ්ඩයේ දෙවන ස්ථානයට පත් අයර්ලන්ත කණ්ඩායම ද මෙම කණ්ඩායම් අතරට අයත්වේ.

සුපිරි 12 දෙනාගේ වටයේ දෙවන කාණ්ඩයට බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්තානය හා දකුණු අප්‍රිකාව සෘජුවම සුදුසුකම් ලැබිය. නෙදර්ලන්තය එම කාණ්ඩයට තේරී පත් වුණේ සුදුසුකම් ලැබීමේ වටයේදී  A කාණ්ඩයේ දෙවන ස්ථානයට පත්වෙමිනි. සුදුසුකම් ලැබීමේ වටයේ B කාණ්ඩයේ දෙවන ස්ථානයට පත් අයර්ලන්ත කණ්ඩායම ද මෙම කණ්ඩායම් අතරට අයත් වේ.

ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරඟය හෙට පැවැත්වේ. ඒ, අයර්ලන්තය සමඟයි.

ලෝකයම බලා සිටින ඉන්දු - පාකිස්තාන තරඟය ද පැවැත්වෙන්නේ හෙටයි.   

 

  


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 new logo

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්