ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ ඉදිකිරීම් ක්ෂේත්රයට සම්බන්ධ ලක්ෂ 12 ක ගේ පමණ
රැකියා අහිමි වී ඇතැයි ඉකුත්දා පැවැති පැවති සාකච්ඡාවකදීයි අනාවරණය වී ඇත.
එම තොරතුරු අනාවරණය වී ඇත්තේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හා ඉදිකිරීම් ක්ෂේත්රයට සම්බන්ධ පිරිසක් අතර ජනාධිපති කාර්යාලයේදී ඉකුත්දා පැවති විශේෂ සාකච්ඡාවකදීය.
මාර්ග ඉදිකිරීම්, නිවාස ඉදිකිරීම් ආදිය පමණක් නොව, එම ඉදිකිරීම්වලට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයන පුද්ගලයන්ට ද සිය ජීවිකාව අහිමි වී ඇතැයි එම සාකච්ඡාවට සහභාගි වූ පිරිස පෙන්වා දී ඇත.
මේ අතර මාර්ග ඉදිකිරීම් වෙනුවෙන් ගෙවීමට ඇති හිඟ බිල්පත් වල වටිනාකම රුපියල් කෝටි දහදාහක් පමණ වන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන එහිදි ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
මහාපරිමාණ ව්‍යාපෘති කළ කොන්ත්‍රාත්කරුවන් මෙන්ම, ග්‍රාමීය මට්ටමේ සුළු පරිමාණ මාර්ග ව්‍යාපෘති කළ විශාල පිරිසක්ද ඒ අතර සිටින බව ඇමතිවරයා පෙන්වා දී ඇත.
එහිදී අදහස් දක්වා ඇති ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිකිරීම් ක්ෂේත්රයට සම්බන්ධ පිරිස් පත්ව ඇති තත්ත්වය සම්බන්ධයෙන් කඩිනමින් අවධානය යොමු කළ යුතු බවපෙන්වා දී ඇත.
(lankadeepa.lk)