1200 x 80 DMirror

වැලිකන්ද ප්‍රදේශයේ රිය අනතුරකින් යුද හමුදා විශේෂ බලකායේ කපිතාන්වරයෙකු මියගොස් තවත් තවත් හමුදා සාමාජිකයින් තිදෙනකු තුවාල තිබේ.

 


එලෙස මියගොස් ඇත්තේ කපිතාන් දේවින්ද වුඩ්වර්ඩ් මහතායි.

හමුදා ප්‍රකාශක, බ්‍රිගේඩියර් රවී හේරත් පැවසුවේ, කපිතාන්වරයා ඇතුළු පිරිස ත්‍රීකුණාමලයේ සිට මාදුරු ඔය විශේෂ බලකා පුහුණු කඳවුර බලා යන අනතුර අද (22) අලුයම 5.30ට පමණ ඩිෆෙන්ඩර් ජීප් රථය ගසක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවය.

අනතුරින් මියගිය කපිතාන්වරයා මාතලේ මිල්ලවාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මිය යනවිට ඒ මහතාගේ වයස අවුරුදු 27කි.

2014 වසරේ හමුදා සේවයට එක්ව ඇති කපිතාන් දේවින්ද වුඩ්වර්ඩ් මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි සිසුවෙකි.

මියගිය කපිතාන්වරයාගේ මෘත දේහය මේ වනවිට වැලිකන්ද රෝහලේ තැන්පත් කර තිබේ.

තුවාල ලැබූ සෙසු හමුදා සාමාජිකයන් තිදෙනා වැලිකන්ද රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔවුන් පොළොන්නරුව රෝහල මාරුකර යවා ඇතැයි හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

jsdfl

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 new logo

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය