1200 x 80 DMirror

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) පක්ෂයේ පිරිසක් එක්සත් ජාතික පක්ෂයට එක්ව නව සන්ධානයක් සෑදීම සඳහා මේ වනවිට සාකච්ඡා

පවත්වමින් සිටින බව 'දේශය' පුවත්පත වාර්තා කරයි.


අලුතින් නිර්මාණය කරන මෙම සන්ධානය එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ඉදිරියට ගෙන ඒමටත් තීරණය කර තිබේ.


ඒ අනුව නව සන්ධානය සඳහා මහනුවර, ගම්පහ, ගාල්ල, පොළොන්නරුව, බදුල්ල, කෑගල්ල, මාතර ආදී දිස්ත්‍රික්ක නියෝජනය කරන පොහොට්ටුවේ ප්‍රබලයන් පිරිසක් එක්වීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි.


එම පිරිස දැනටමත් නිල නොලත් ලෙස ආසන ලබාගෙන ඇති බවද දේශපාලන ආරංචි මාර්ග පවසයි.


හිටපු අමාත්‍ය රවී කරුණානායකගේ නිවසේ මේ සම්බන්ධයෙන් පසුගියදා සාකච්ජා වට කිහියක්ම පවත්වා ඇතැයි ද දේශපාලන ආරංචිමාර්ග පවසයි.


ඇමති ප්‍රසන්නත් තීන්දුවක් ගැනීමේ සූදානමක !


මේ අතර නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඉදිරියේ දී ගත යුතු දේශපාලන ස්ථාවරය පිළිබඳව මිනුවන්ගොඩ පළාත් පාලන  මන්ත්‍රීවරුන්ගේ රහසිගත මත විමසුමක් සිදු කර ඇතැයි වාර්තා වේ.


ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාගේ දේශපාලන මණ්ඩලය මිනුවන්ගොඩ ප්‍රදේශීය සභාවේ හා නගර සභාවේ සභාපතිවරුන් මන්ත්‍රීවරුන් ඇතුළු ඔහුගේ ප්‍රධානතම ආධාරකරුවන් 50 දෙනෙකුගෙන් සමන්විතය.


රණතුංග ඇමතිවරයා දේශපාලන තීන්දුවක් ගැනීමට පෙර මෙම කණ්ඩායමේ අදහස් විමසීමක් සිදු කරනු ලබයි. 2015 දී “මහින්ද සුළඟ” වේදිකාවට නැඟීමට පෙර ද රණතුංග මෙම දේශපාලන මණ්ඩලයේ මතය මෙලෙස විමසා තිබිණ.


වාර්තා වන අන්දමට මෙම රහස් ඡන්ද විමසීම සිදුව ඇත්තේ පසුගිය 20 දා රාත්‍රියේ මිනුවන්ගොඩ මාබොදල ප්‍රදේශයේ පිහිටි රණතුංග ගේ හිතවතකුට අයත් උත්සව ශාලාවකදීය.


පැමිණි සියලුම දේශපාලන මණ්ඩල සාමාජිකයන්ට ඡන්ද පත්‍රිකාවක් ලබා දී ඇති අතර එහි ප්‍රශ්න දෙකක් විමසා තිබී ඇත. රටේ ආර්ථික අර්බුද විසදීමේ අභියෝගය බාරගත් නායකයා සමඟ ඉදිරියට යාම සුදුසු ද, නැතහොත් මෙතෙක් සිටි දේශපාලන ස්ථාවරයේ කටයුතු කිරීම සුදුසු ද යන්න එම ප්‍රශ්න දෙකයි.


සාකච්ඡාවට සහභාගී වූ දේශපාලන මණ්ඩල සභිකයින්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු එහි ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර නැත. දේශපාලන මණ්ඩලයට දැනුම් දී ඇත්තේ එහි ප්‍රතිඵලය දැනට විදේශ ගතව සිටින ඇමතිවරයාට දැනුම් දෙන බවයි.


වත්මන් රජයේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ද වේ. ඔහු මේ දිනවල සිටින්නේ ප්‍රංශයේ පෞද්ගලික සංචාරයක නිරත වෙමිනි. 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඡන්දය සංවිධානය කිරීම සාගර කාරියවසම් නියෝජ්‍ය සංවිධායකවරයාට පවරා රණතුංග විදේශ ගත විය.

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය