විස්සයි 20 ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ අයර්ලන්තය සමග පැවති තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 09කින් ජයග්‍රහණයක් වාර්තා කළේය.



ලකුණු 129ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දු වාර 15කදී එක් කඩුල්ලක් පමණක් දැවී තරගයේ ජයග්‍රහණය තමන් සතුකර ගත්තේය.


ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 68ක් රැස් කළ අතර  ධනංජය සිල්වා ලකුණු 31ක් සහ චරිත් අසලංක නොදැවී ලකුණු 31ක් රැස් කළේය.  


තරගයේ පළමුව පන්දුවට පහර දුන් අයර්ලන්තය සිය පන්දු වාර 20 තුලදී කඩුලු 8ක් දැවී ලකුණු 128ක් රැස් කර ගනු ලැබිය.


කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් හැරී ටෙක්ටර් ලකුණු 45ක් ලබා ගත්තේය.


මහීෂ් තීක්ෂණ ලකුණු 19කට කඩුලු 2ක් සහ වනිඳු හසරංග ලකුණු 25කට කඩුලු 2ක් දවාගනු ලැබීය.

 

sl 2AFP 32LY2MQ






 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්