theleaderlk 01

එල්.ටී.ටී.ඊ ක්‍රියාකරකම්වලට සම්බන්ධ අධිකරණය මඟින් වරදකරු වී බන්ධනාගාර ගතව සිටි

එල්.ටී.ටී.ඊ සාමාජිකයන් අටදෙනකුට ජනාධිපති සමාව හිමිව ඇතැයි අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, චන්දන ඒකනායක පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පැවරී ඇති බලතල අනුව එම විශේෂ සමාව ලබා දී ඇති බව ඔහු කියා සිටියේය.

ඒ අනුව, ඉදිරියට ගෙවීමට ඇති දඬුවම් කාලය අඩුකිරීම යටතේ 2022.10.21 වන දින මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින එල්.ටී.ටී.ඊ රැඳවියන් 04ක් නිදහස් කිරීමට කටයුතු සිදුකර ඇත.

තවත් රැඳවියන් දෙදෙනෙක් අභියාචනාධිකරණයේ පවතින නඩු, එම රැඳවියන් විසින් ඉල්ලා අස් කර ගැනීමෙන් පසු නිදහස් කිරීමට නියමිතය.

අනෙක් රැඳවියන් දෙදෙනා පුනරුත්ථාපන කටයුතු අවසන් වීමෙන් අනතුරුව නිදහස් කිරීමට අවශ්‍ය උප‍දෙස් සඳහා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව අතිරේක බන්ධනාගාර කොමසාරිස්වරයා වැඩි දුරටත් කීය.

 
  

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

 new logo