කැසිනෝ ශාලාවක් සඳහා තිබූ වාර්ෂික රුපියල් කෝටි 20ක් වූ බදු මුදල රුපියල් කෝටි 50 දක්වා අගෝස්තු 01 වැනිදා සිට වහාම වැඩිකිරීමට රජය තීරණය

කර ඇත.


ඊට අමතරව මේ දිනවල පහත සඳහන් ඔට්ටු සහ සූදු සඳහා ද බදු වැඩි කිරීමේ අරමුණෙන් ඔට්ටු සහ සූදු පනත කඩිනමින් සංශෝධනය කිරීමට යයි.


01. කැසිනෝ සඳහා මෙතෙක් නොතිබූ ඉහළ ලියාපදිංචි ගාස්තුවක් අය කිරීම සහ ශ්‍රී ලාංකිකයකු කැසිනෝ ශාලාවක් තුළට ඇතුළුවීමේ දී ඩොලර් 200ක ගාස්තුවක් අය කිරීම.


02. වෙනත් ඔට්ටු හා සූදු සඳහා අවම වශයෙන් පහත සඳහන් පරිදි බදු වැඩි කිරීම


අ. සජීවී ඔට්ටු මධ්‍යස්ථාන සඳහා


# රුපියල් ලක්ෂ 6ක් වූ වාර්ෂික බද්ද අවම වශයෙන් රුපියල් ලක්ෂ 10 දක්වා වැඩි කිරීම


# පිරිවැටුම මත අය කෙරෙන 10%ක බද්ද අවම වශයෙන් 15% දක්වා වැඩි කිරීම


ආ. ඔට්ටු උප නියෝජිතයන් සඳහා වූ වාර්ෂික බද්ද රුපියල් මිලියන 4 සිට අවම වශයෙන් රුපියල්  මිලියන 5 දක්වා වැඩි කිරීම.


ඇ. සජීවී නොවන ඔට්ටු පොළවල් සඳහා වාර්ෂික බද්ද රුපියල් 50,000/= සිට රුපියල් 75,000/= දක්වා වැඩි කිරීම.


ඔට්ටු සහ සූදු බද්ද ද ඉහළට..


මේ සියල්ලට ම පසු එම ව්‍යාපාරවල ආදායමෙන් නැතහොත් ලාභයෙන් 40%ක ආදායම් බද්දක් අය කෙරෙන බව රජය පවසයි.  


මීට අමතරව සුරා සහ දුම්කොළ බදු ගතහොත්,


# මධ්‍යසාර බෝතලයකින් අවම වශයෙන් 75%ක බද්දක් අය වේ.
# දුම්වැටියකින් 85%කට ආසන්න බද්දක් අය වේ.
# අවසානයේ ඒ ආයතනවල ලාභයෙන් ද 40%ක ආදායම් බද්දක් අය කරනු ලබයි.



බදු රාජ්‍ය ආදායමේ ප්‍රධාන ප්‍රභවයක් වන්නා සේම, සමාජ මග පෙන්වන්නෙක් ලෙස ද, අධෛර්යමත් කළ යුතු අංශ අධෛර්යමත් කිරීම සඳහා ද යොදා ගැනෙන බවත්, වර්තමාන රාජ්‍ය ආදායම උපයා ගැනීමේ අභියෝගයේ දී ද රජය උපරිම ලෙස ඒ පිළිබඳ අවධානය යොමු කරනු ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්