''ගෝඨාභයගේ ජයග්‍රහණය වෙනුවෙන් ජනපති සියයට සියයක් ඉන්නවා'' යයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර විසින් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් බලවත්සේ කෝපයට පත්ව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, දයාසිරි ජයසේකර වහාම ලේකම් ධුරයෙන් ඉවත්කර වෙනත් අයකු තාවකාලිකව පත් කිරීමට තීරණය කර ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් theleader.lkවෙත වාර්තාවේ.

ජනාධිපතිවරණයේදී ගෝඨාබය රාජපක්ෂට සහයදිය නොදිය යුතු බවට ශ්‍රීලනිප ආසන සංවිධායකයින් සියයට 90කට වැඩි පිරිසක් දැඩිලෙස ප්‍රකාශකර සිටියදී, ගෝඨාබයට සහයදිය යුතු බවට ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම ප්‍රමුඛ මධ්‍යම කාරක සභාව තීරණය කල අවස්ථාවේදී, ජනාධිපතිවරණයේ දී කිසිඳු පාර්ශවයකට හෝ සහය නොදී මැතිවරණ සමය තුලදී ස්වාධිනව කටයුතු කිරීමට තීරණය කළ ජනාධිපතිවරයා, මැතිවරණයේ ඡන්ද විමසීම අවසන් වනතෙක් පක්ෂයේ සභාපති ධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා මහචාර්ය රොහාන් ලක්ෂ්මන් පියදාසව නම් කළේය.

ජනාධිපතිවරයා ඒ අනුව මෙතෙක් කිසිඳු පාර්ශවයකට සහය නොදී ස්වාධීනව කටයුතු කරමින් සිටිය දී  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර හෙට්ටිපොල පැවැති ජනහමුවක් අමතමින් කියා සිටියේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සියයට සියයක්ම පෙනී සිටින බවයි. 

එළඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර විසින් පෙරේදා (08) පස්වරුවේ හෙට්ටිපොල පිහිටි සිය නිවසේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් එම ජනහමුව සංවිධානය කර තිබුණි.
 
"ශ්‍රී.ල.නි.ප.ය නැවත  UNPයේ එල්ලන්න නෙවෙයි. පක්ෂය හරි තීන්දුවක් ගත්තා. ජනපතිත් නිරන්තරයෙන් විමසනවා, ජනපති මෛත්‍රීත් ගෝඨාභය දිනවීමේ වැඩපිළිවෙලේ." යයි එහිද වැඩිදුරටත් අදහස් දැක්වු දයාසිරි ජයසේකර එහිදී වැඩිදුරටත් පැවසිය.

වීඩියෝ 


සර්, අපේ රෙදි ගලවන්න එපා - දයාසිරි, ජනපතිට කියලා !

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් theleader.lkකළ විමසීමකදී ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ, දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍ය බවයි. 

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ අවසන් රැලියට ජනාධිපතිවරයා සහභාගි වන්නේදැයි දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා 
පසුගියදා ජනාධිපතිවරයා ගෙන් විමසීමක් කර ''අනේ සර්, අපේ රෙදි ගලවන්න එපා'' යයි ඉල්ලීමක් කර ඇති බවත්, තමා මේ අවස්ථාවේදී කිසිඳු අපේක්ෂකයකුට සහය නොදෙන බව ජනාධිපතිවරයා එම අවස්ථාවේදී ද අවධාරණය කර ඇති බවත් එම නිලධාරියා පැවසිය.

''ගෝඨාභයගේ ජයග්‍රහණය වෙනුවෙන් ජනපති සියයට සියයක් ඉන්නවා'' යයි දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ප්‍රසිද්ධ රැස්වීමක දී පවසා ඇත්තේ ජනාධිපතිවරයාගේ කීමටද පිටුපා බව පැවසු එම නිලධාරියා, '' ජනාධිපතිතුමා පහුගිය මහ මැතිවරණය වෙලාවේ ශ්‍රී ලනිප මහා ලේකම් වෙලා හිටපු අනුර ප්‍රියදර්ශනවයි, සන්ධානයේ මහ ලේකම් වෙලා හිටපු සුසිල් ප්‍රේම්ජයන්තවයි තනතුරුවලින් දොට්ට දාපු හැටි මෙයාලට අමතක වෙලා'' යයි වැඩිදුරටත් කියා සිටියේය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්