theleaderlk 01

ගල් අඟුරු මිලදී ගැනීමට නව සැපයුම්කරුවෙකු තෝරා ගැනීම නීතිපතිගේ හා විගනකාධිපතිගේ නිර්දේශමත සිදුකිරීමට 'ලංකා ගල් අඟුරු සමාගම' කටයුතු කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ

නිලධාරියකු පැවසිය.

ගල් අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාකාරී පටිපාටිය සම්බන්ධයෙන් පසුගිය කාලයේ පාර්ලිමේන්තු කෝප් කමිටුවෙන් හා මාධ්‍ය විසින් මතුකර තිබු විවේචන ද සැලකිල්ලට ගනිමින්, නීතිපතිගේ හා විගනකාධිපතිගේ නිර්දේශ මුළුමනින්ම අනුගමනය කරමින් ප්‍රසම්පාදන ක්‍රියාවලිය වඩාත් පාරදෘශ්‍ය භාවයකින් යුතුව නව ටෙන්ඩරය කැඳවීමට 'ලංකා ගල් අඟුරු සමාගම' නව සභාපතිවරයා කටයුතු කර ඇතැයි එම නිලධාරියා තවදුරටත් සඳහන් කළේය.

ඒ අනුව, ගල් අඟුරු මිලදී ගැනීමට නව සැපයුම්කරුවෙකු තෝරා ගැනීම සඳහා ‍කැඳවා ඇති ටෙන්ඩරය අද (25) දිනයේ විවෘත කරනු ලබන බව එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

මෙසේ තෝරා ගන්නා සැපයුම්කරුගෙන් දෙසැම්බර් මාසයේ සිට නැව්වාර පහකින් (05) ගල් අඟුරු මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් මිලදී ගැනීමට සැලසුම් කර ඇත.

නවතම පුවත්