තිස්පස් වසරකට පෙර ඉන්දීය හමුදා ප්‍රහාරයකින් පවුල් පිටින් මරා දමන ලදුව අදටත් යුක්තිය ඉටු නොවූ

නිරායුද දෙමළ ජන සමූහයක් යාපනයේදී අනුස්මරණය කර තිබේ.                                        

ලොව පුරා හින්දු බැතිමතුන් දීපවාලී උත්සවය සැමරු ඔක්තෝබර් 24 වැනි සඳුදා පෙරවරුවේ යාපනය කොකුවිල්  හින්දු විද්‍යාලයේ ගේට්ටුව ඉදිරිපිටදී  අනුස්මරණය සිදු කර ඇත්තේ ඉන්දීය සාමසාධක හමුදා ප්‍රහාරයකින් ඝාතනයට ලක්වු කුඩා දරුවන්, කාන්තාවන්, වැඩිහිටියන් ඇතුළු දෙමළ පනස් පස් දෙනකුට වැඩි පිරිසක් සිහිකරමිනි.

ඝාතනයට ලක්වුවන් සිහිපත් කරමින් යාපනය කොකුවිල් හින්දු විද්‍යාලයේ ගේට්ටුව ඉදිරිපිට දී ඝාතනයට ලක්වුවන්ගේ පවුල් වල ඥාතීන් සහ ගම් වැසියන් එක්ව මෙම අනුස්මරණය සංවිධානය කර තිබු බව පළාත් බද වාර්තාකරුවෝ  පවසති.

මිය ගිය පිරිස සිහි කරමින් මලින් පහනින් උපහාර පිදීමට ඔවුන් කටයුතු කර තිබේ.



විමුක්ති කොටි සංවිධානයේ ප්‍රහාරයෙන් ඉන්දීය භට පිරිසක් යාපනයේදී මිය යාමෙන් අනතුරුව ඉන්දීය හමුදා විසින් 1987 වසරේ ඔක්තෝබර් මාසයේදී සමූහ ඝාතන මාලාවක් සිදු කර තිබුනි.

ප්‍රදේශවාසීන් පවසන්නේ 1987 ඔක්තෝබර් මාසයේදී කොකුවිල් සහ ආනෙයිකෝට්ටේ ප්‍රදේශවල ඉන්දීය සාම සාධක හමුදාව සහ එල්.ටී.ටී.ඊ සංවිධානය අතර  ගැටුම්  ආරම්භ වීමෙන් පසුව ප්‍රදේශයේ දෙමළ ජනයා ආරක්ෂාව පවා කොකුවිල්  හින්දු විද්‍යාලයට පැමිණි බවයි.

1987 ඔක්තෝබර් 24 වැනිදා යුද ටැංකි සහිතව එම විද්‍යාලයට ඇතුල් වු ඉන්දීය හමුදා පනහකට අධික සිවිල් වැසියන් ඝාතනය කළ බව පවසන ගම් වැසියන් වැඩි දුරටත් සදහන් කරන්නේ ඝාතනයට ලක් වු පිරිස වෙනුවෙන් අවසන් කටයුතු සිදු කිරීමේ වාතාවරණයක් නොපැවති බැවින් ප්‍රදේශවාදීන් විසින් ඔවුන්ගේ සිරුරු පාසලේ ක්‍රිඩා පිටිය තුළ වළ දැමු බවයි.

ජේ ආර් ජයවර්ධන ආණ්ඩුවේ ආරාධනයෙන් සාම සාධනය සඳහා යැයි පැමිණ උතුරේ වාඩිලා සිටි ඉන්දීය භටයන් විසින් එයින් නොනැවතී ඔක්තෝබර් මාසයේ සමූහ ඝාතන මාලාවක් සිදුකර තිබේ.

වර්තමාන ජනාධිපතිවරයා එම ආණ්ඩුවේ අමාත්‍යවරයකු වූ අතර ඒ සමයේ අගමැතිව සිට ඊළඟ ජනාධිපති වූයේ වර්තමාන විපක්ෂ නායකයාගේ පියාණන් ය. 

  


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

 new logo

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58