1200 x 80 DMirror

පාර්ලිමේන්තුව නියෝජනය කරන ද්විත්ව පුරවැසියන් හදුනා ගැනීමේ ක්‍රමයක් රජයට නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක පවසයි.



ජනමාධ්‍ය අමාත්‍යවරයා ද වන කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසන්නේ එය අධිකරණ ක්‍රියාමාර්ග තුලින් විසදාගත යුතු බවයි.


'' එය රජයට හොයන්න ක්‍රමයක් නෑ. ඒ සදහා අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට පුළුවන් කම තියනවා. අධිකරණයක් විසින් සෙව්වොත් මිසක් නිත්‍යනුකුල ආකාරයකට රජයකට ද්විත්ව පුරවැසියෙක්ද කියලා අසලා දැනගෙන සොයාගන්න ක්‍රමයක් තිබෙන බව මගේ දැනීමේ හැටියට නෑ. ඒ නිසා ඒක අධිකරණයක් විසින් විසදගත යුතු ගැටළුවක් ලෙස තමයි හිටපු මැතිවරණ කොමසාරිස්තුමා ප්‍රකාශ කරලා තිබුනේ. ''


රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී ඔක්තෝබර් 26 වැනි බදාදා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ අමාත්‍යවරයා ඒ බව සදහන් කළේ ද්විත්ව පුරවැසි භාවය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් 10 දෙනෙකුගේ පමණ නම් කියැවෙන අතර රජයක් ලෙස එම නම්  හෙළිදරව් කරන්නේදැයි මාධ්‍යවේදිනියක් විමසු පැනයට පිළිතුරු ලබාදෙමිනි.


පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් ඔක්තෝබර් 21 වැනිදා සම්මත වූ විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ද්විත්ව පුරවැසියන්ට මෙරට ව්‍යවස්ථාදායකය නියෝජනය කිරීමේ අවස්ථාව අහිමි කර තිබේ.

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය