1200 x 80 DMirror

පසුගිය දා පාර්ලිමේන්තුවේ සම්මත වූ 21 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන්

පැවති විවාදයේ දී දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.ඒ සුමන්තිරන් විසින් සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමසීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස අධිකරණ අමාත්‍යවරයා ඉල්ලා සිටියි.

මෙසේ කතානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් අධිකරණ අමාත්‍යවරයා විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා සිටින්නේ, දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් විසි දෙවැනි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද නිගමනය නීත්‍යානුකුල නොවන බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය වරින්වර නීතිමය ස්ථාවරයන් වෙනස් කරමින් සිය නිගමන නිකුත් කරන බවත් එම නිසා ශ්‍රේෂ්ඨාධිකරණ ද ගෙදර යැවිය යුතු බවත්, සඳහන් කරමින් සිදු කළ ප්‍රකාශය සම්බන්ධව යි.



''පාර්ලිමේන්තුව පමණක් නොව ශ්‍රේෂ්ඨාධිකරණයද පැද්දෙන ඔංචිල්ලාවක් වගේ තමන්ගේ මතය වෙනස් කරනවා. එයාලටත් ගෙදර යන්න කියන්න'' යැයි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි එම්. ඒ. සුමන්තිරන් පාර්ලිමේන්තුවේදී 22 වැනි සංශෝධන පනත සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ, 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විවදයේදීය.

 

 
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අධිකරණ අමාත්‍ය ආචාර් ය විජේදාස රාජපක්ෂ පෙන්වා දෙන්නේ, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව විධිමත් ලෙස ඉදිරිපත් කරනු ලබන යෝජනාවකින් තොරව, අධිකරණය පිළිබඳව හෝ විනිසුරුවන් පිළිබඳ ව පාර්ලිමේන්තු සභා ගර්භය තුළ දී විවේචනය නො කළ යුතු බවයි.

මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශය නිසා පාර්ලිමේන්තුව හා අධිකරණය අතර බලවත් ගැටීමක් නිර්මාණය කිරීමට උත්සහ දරා ඇති බව පැහැදිලි වන්නේ යැයි කතානායකවරයා වෙත යොමු කළ එම ලිපියේ වැඩිදුරටත් සඳහන්.

අධිකරණ අමාත්‍යවරයා කතානායකවරයා වෙත යොමු කළ සම්පූර්ණ ලිපිය පහතින්

00001

00002

00003

සබැඳි පුවත් :

'ශ්‍රේෂ්ඨාධිකරණයත් හරියට පැද්දෙන ඔංචිල්ලාවක් වගේ' - සුමන්තිරන්

 

  


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

 new logo

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය