හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව පනවා තිබෙන විදේශ ගමන් තහනම

නොවැම්බර් මස 24 වන දා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

එමෙන් ම, ඔහු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල නියෝග කර ඇත.

රටේ ආර්ථිකය බංකොළොත් කළ බවට චෝදනා කරමින්, දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් විසින් ඉදිරිපත් කර තිබු පුද්ගලික පැමිණිල්ලක් අද (26) යළි කැඳවනු ලැබූ අවස්ථාවේදී එම නියෝගය නිකුත්කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රාථමික වෙළෙඳපොළේ විකුණා එමඟින් ශ්‍රී ලංකා ජනරජයට රුපියල් බිලියන 10.04 සිට 10.06 දක්වා පාඩුවක් සිදුකිරීම ඇතුළු චෝදනා කිහිපයක් ඔහුට එරෙහිව ගොනු කර ඇත.

හිටපු ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සමඟ ජ්‍යෙෂ්ඨ නීතිඥ අශාන් නානායක්කාර, ඉරේෂ් සෙනෙවිරත්න, මිගාර ගුණරත්න යන නීතිඥයින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේ ය.

cfhfgjfg

 

 

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

 new logo

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්