ආයෝජන අවස්ථාවන් වෙනුවෙන් යැයි පවසමින් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි 4කට අධික මුදලක් ලබාගෙන එම මුදල් සාවද්‍ය පරිහරණය කර
විශ්වාසය කඩ කළැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් නිතීඥවරයකු ලබන 02 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හොරණ මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය ඊයේ (26) නියෝග කළේය.
මේ හා සමාන චෝදනා සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව මහෙස්ත්‍රාත් අධිකරණ කිහිපයක සහ මහාධිකරණ කිහිපයක නඩු පවතින බවට වාර්තා වී ඇති බැවින් මෙම සැකකරු ඇප මත සිටිමින් වැරදි සිදුකිරීම හේතුවෙන් ඇප පනතේ 14 වගන්තිය ප්‍රකාරව ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා සැකකරු රක්ෂිත බන්ධනගාර ගත කිරීමට නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ පෝරුවදණ්ඩ, හොරණ පදිංචි රොෂාන් දෙහිවල නමැති නිතීඥවරයාය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ දෙහිවල පදිංචි උදයකුමාර සමරනායක නැමැති ව්‍යාපාරිකයෙකි.
මෙම සැකකරු අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 400, 389, 386 වගන්ති ප්‍රකාරව වරදක් සිදකර ඇතැයි සදහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණීජ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක ද සිල්වා අධිකරණයට කරුණු වාර්තා කර තිබිණී.
ව්‍යාපාර කටයුත්තක් බවට සදහන් කරමින් සැකකරු පැමිණීලිකරුගෙන් රුපියල් ලක්ෂ 406ක මුදලක් ලබාගෙන ඇති බවත් පසුව එය නැවත නොගෙවා විශ්වාසය කඩකර වංචාවක් සිදුකළ බවත් සදහන් කරමින් මෙම පැමිණීල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තිබුණේ ඉකුත් 2019 වසරේ පෙබරවාරි මස 25 වැනිදාය.
පැමිණීලිකරුවෙත අදාළ මුදල සැකකරු සහ ඔහුගේ බිරිද සිය මුදල් නොමැති ගිණුම්වලින් චෙක්පත් ලබාදී ඇති බව ද පැමිණීල්ල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබූ බව අධිකරණයේදී කරුණු වාර්තා විණී.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු ලබන 02 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර එදින තෙක් නඩුව කල් තැබීය.
(lankadeepa.lk)
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න