theleaderlk 01

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ

කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් වහා නිදහස් කරන්නැයි බල කරමින් අද (ඔක්තෝම්බර් 27) කොළඹ, නාරාහේන්පිට පිහිටි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත්විණි.


එය සංවිධානය කර තිබුණේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසිනි.

ඩෙංගු රෝගය වැලඳී අසාධ්‍යව සිටින ගල්වැව සිරිධම්ම හිමියන් රෝහල්ගත කරන්නැයි උන්වහන්සේගේ ඥාතීන් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් බල කරන තුරු ත්‍රස්ත විමර්ශන ඒකකය සිය වගකීම පැහැර හැර ඇති බවත් එය අනියමින් ඝාතනය කිරීමේ උත්සහයක් බවත් විරෝධතාකරුවෝ පැවසූහ.

ජල ප්‍රහාරක රථ සහිතව මේ භූමිය අවට ඉතා විශාල පොලිස් සහ කැරළි මර්ධන ඒකකයේ භට පිරිස් යොදවා ආරක්ෂාව තර කර තිබිණි.

 

 

 

 

 

නවතම පුවත්