theleaderlk 01

අතුරුදහන්වූවන්ගේ පවුල් වල සාමාජිකයන් පිරිසක් අද (27) පෙරවරුවේ 'අතුරුදහන්වූවන් පිලිබද කාර්යාලය'

ඉදිරිපිට රැස්ව විරෝධතාවයක නිරතවිය.

අතුරුදහන්වූවන් පිළිබද කාර්යාලය මොනවද කරන්නේ ? විරෝධතාකරුවෝ මෙහිදී විමසා සිටියහ.

දකුණේ මෙන්ම උතුරේ ද අතුරුදහන්වුවන්ගේ ප්‍රශ්ණය අදාල බලධාරින් හමුවේ මතුකිරිමට විරෝධතාකරුවෝ මෙහිදී කටයුතු කළේය.


අතුරුදන් කිරිම්වලට එරෙහි ජාතික දිනය 32 වන වරටත් සැමරේ

මේ අතර උතුරේත් දකුණේත් සිදුකර ඇති සකලාකාර අතුරුදන් කිරිම්වලට එරෙහිව 32 වන වටරටත් රද්දොළුවේදි අතුරුදන් වුවන්ගේ ස්මාරකය අභියසදි සමරුවක් සංවිධානය කර තිබිණ.

මෙම සැමරුම සඳහා වියපත් මව්වරුන් පියවරුන් මෙන්ම දරු මුණුපුරන්ද එක්ව සිටියහ.

වෙනදා මෙන්ම අදත් ජයතිලක බණ්ඩාර 'මව්වරුන්ගේ ගීතය' ගායනා කලේ රැස්ව සිටි සැමගේ නෙතට කඳුළක් කැදවමිනි.

{gallery}MPO was raided{/gallery}