theleaderlk 01

පාර්ලිමේන්තුව විසුරුවමින්, ජනාධිපති ඉවත් කිරීමේ සටනට වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය නායකත්වය

ලබාදෙන බව ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය නමින් කොළඹ හයිඩ් පිටියේ අද (27) පැවති විරෝධතා රැළිය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

"තාම හොරු ඉන්නවා. හොරු පන්නමු. හොරාකාපුවා නැවත පවරාගමු. ජනාධිපති යැවුවා වගේ පාර්ලිමේන්තුවත් විසුරුවලා..ජනාධිපතිවත් යවන සටනකට ජනයා පෙළගස්වන්න ඕනේ." යයි එහිදී අදහස් දැක්වූ ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත සඳහන් කළේය.

වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ ඒකාබද්ධ ජනතා ව්‍යාපාරයේ නියෝජිතයින් ලිප්ටන් වටරවුමේ සිට කොළඹ හයිඩ් පිටිය දක්වා එලෙස අද පස්වරුවේ පාගමනින් පැමිණ මෙලෙස විරෝධතාවය පළ කළේය.

රාජ්‍ය, පෞද්ගලික හා වතු සේවකයින්ට ප්‍රමාණවත් දීමනාවක් ලබාදීම, ත්‍රස්ත පනත අහෝසි කිරීම, තෙල්, වරාය, විදුලිය වැනි රාජ්‍ය දේපළ විකිණීම නැවැත්වීම ඇතුළු කරුණු 07ක් වහාම ඉටුකරන ලෙසට රජයට බලකරමින් මෙම විරෝධතා රැළිය සංවිධාන කර තිබුණි.

00001 1

00001 2

 

 

  

නවතම පුවත්