theleaderlk 01

සිම්බාබ්වේ සහ පාකිස්තානය අතර පර්ත් නුවරදී අද (27) පැවැති විස්සයි-20 ලෝක කුසලාන

ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් ලකුණක තියුණු ජයක් වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 130කි.

ලකුණු 131ක ඉලක්කයක් හඹා යෑමට පැමිණි පාකිස්ථාන කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 8ක් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 129ක් පමණි.

ලකුණු 25 කට කඩුලු 3 ක් දවාගත් සිකන්දර් රාසා තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.

මේ වන විට පාකිස්ථානය බී කාණ්ඩය යටතේ තමන් ක්‍රීඩා කළ තරග දෙකම පරාජයට පත්ව තිබීම විශේෂත්වයකි.

සිම්බාබ්වේ කණ්ඩායමක් විස්සයි-20 තරගයකදී පාකිස්තානය පරාජයට පත්කළ දෙවැනි අවස්ථාව මෙයයි.

 

 

නවතම පුවත්