ඇමෙරිකාවේ පැවැත්වෙන ප්‍රසංගයකට සහභාගී වීම සඳහා කටුනායක ගුවන් තොටුපළ වෙත

පැමිණි රන්ජන් රාමනායක ආපසු හරවා යැවීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් කටයුතු කර ඇත.


ඊට හේතු වී ඇත්තේ, ඔහුට එරෙහිව විභාග වන නඩු දෙකකට අදාලව අධිකරණය මගින් පනවා තිබූ විදෙස් ගමන් තහනම් නියෝගය කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය තුළ ඇතුළත් ව තිබීමයි. එය ඉවත් කිරීම පිළිබඳ යාවත්කාලීන නියෝගයක් මේ දක්වා ගුවන්තොටුපොළ වෙත ලැබී නොමැත.

ඒ අනුව ගුවන් ගත වීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අවස්ථාවේ දී රන්ජන් රාමනායක, ආපසු හරවා යැවීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබුණි.

චිත්‍රපට නළු රංජන් රාමනායක කටුනායක ගුවන් තොටුපොළෙන් ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ පිටත් වීමට නියමිතව තිබූ කටාර් ගුවන් සේවයට අයත් යානයකින් පළමුව ඩුබායි රාජ්‍ය වෙත ගොස් එතැන් සිට ඇමෙරිකාව බලා ගමන් කිරීමට සැළසුම් කර තිබී ඇත.

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්