හිටපු අමාත්‍ය මංගල සමරවීර ජීවත්ව සිටියදී ඔහුගේ විශ්වාසවන්ත ම රැකවලෙක් ලෙස ක්‍රියා කළ ලසන්ත සුදත් හේවා කණ්ඩම්බි ඊයේ (27) සිදුවූ හදිසි

අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇත.


ඒ, සිය දරුවා සමග පාපැදියෙන් ගමන්ගත් ඔහු මාතර වල්පල අනාරක්ෂිත දුම්රිය හරස් මගක දී දුම්රියට බිලිවීමෙනි. ඔහු සමග ඔහුගේ සිව් හැවිරිදි දරුවා ද මෙහිදී අනතුරට ලක්ව ඇති අතර එම දරුවා මේවනවිට බරපතල අසාධ්‍ය තත්වයෙන් යුතුව ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.


ලසන්ත සුදත් හේවා කණ්ඩම්බි ගේ හදිසි අභාවයෙන් එම ප්‍රදේශයේ ජනතාව බලවත්සේ කම්පාවට පත්ව සිටින අතර, ඔහුගේ සමීප හිතවතකු වන ඉතාලියේ පදිංචි සුමුදු මද්දුමආරච්චි පහත සටහන සිය ෆේස්බුක් පිටුවේ පළකර ඇත.


අද මාතරම මළ ගමක්…. නිහතමානී ලසන්ත මාතරම හඬවයි


ලසන්ත සුදත් හේවා කණ්ඩම්බි අපගේ කළණ මිතුරකුවන අතර මංගලගේ රැඩිකල් දේශපාලන තීන්දු තීරණ වලදී ඔහු සමග නොසැලෙන ගුණයෙන්, බලය ඇතිදා මෙන්ම නැතිදා ද මංගල තනි නොකෙරූ අපූරු මිනිසෙක් විය.


මාතර නගරයම හඬවමින් ලසන්ත සුදත් හේවා කණ්ඩම්බි අද අනාරක්ෂිත දුම්‍රිය හරස් මගකදී සිය ජීවිතයට සමුදුන් පුවතින් මාතර, වල්පොල, වේරගම්පිට, පිලදුව, කන්දෙවත්ත මෙන්ම තදාසන්න ප්‍රදේශවල ජනතාව මහත් සේ කම්පාවට පත්ව ඇත.


මක්නිසාදයත් බලය ඇතිදා මෙන්ම බලය නැතිදා ද, ශ්‍රී ලාංකීය දේශපාලනයේ දැවැන්තයා ලඟ ඉතා සුහදශීලීව කුළුපඟව පෞද්ගලික ආරක්ෂකයකු ලෙස ක්‍රියා කළ ලසන්ත කණ්ඩම්බි කිසිදා මාතර ජනතාවට දේශපාලන "හයිය" නොපෙන්වූ නිසාය.

 

PHOTO 2022 10 28 09 56 19

කණ්ඩම්බි ගේ උපන්දිනක් දා මංගල සිය නිවසේ කාර්ය මණ්ඩලය සමග සව්දිය පිරු අවස්ථාවක්..

 

තවද ලොකු කුඩා භේදයකින් තොරව සියළු මාතර ජනතාව සමග ඉතා සුහදව මෙන්ම මිත්‍රශීලීව තම ජීවිතය සැහැල්ලුවෙන් යථාර්ථ අවබෝධයෙන් ගෙවූ ලසන්ත කණ්ඩම්බි ගේ නිසල දේහය අද මාතරම එකම මළගමක් බවට පත්කිරීමට තරම් ප්‍රභල වූයේ රටටම අවැසි මොහොතේ රටම හඬවා මතක ඉතිරි කොට නික්ම ගිය "මතක මංගල ගේ" අභාශයෙන් පෝෂණය වූ නිසාත් ශ්‍රී ලාංකේය පළමු තොමසුවේ ආදි සිසුවෙක් වූ නිසාත්‍ ය…..


තොමසුවේ වර්ණලාභී ලසන්ත ගැන බිඳක්...


ලසන්ත කණ්ඩම්බි උපතින්ම ක්‍රීඩාවේ දස්කම් රැගෙන ආ නිර්භය අපූර්ව මිනිසෙක්…..


ඓතිහාසික රුහුණේ ශ්‍රී ලාංකේය පළමු තොමසුවේ ක්‍රීඩා ද්විත්වයකට ම එකසේ දස්කම් දැක්වූ සොයුරෙක්.  ඒ පාපන්දු සහ ක්‍රිකට් ක්‍රීඩා වලිනි.


පාසල් සමයේ ඔහු පාපන්දු කණ්ඩායමේ පසුපෙල ක්‍රීඩකයෙක් ලෙසම ක්‍රිකට් ක්‍රීඩාවේ තුන් ඉරියව්වෙනම දක්ෂ ක්‍රීඩකයකු විය.  දකුණතින් වේග පන්දු යැව් ඔහු වමතින් පිත්ත හැසිරවූ දුලබ හැකියාවක් සතු ක්‍රීඩකයෙකු විය.


පාසැල් කණ්ඩායමේ විටෙක ආරම්භක පන්දු යවන්නා, විටෙක ආරම්භක පිතිකරු කලක් පාසැල් කණ්ඩායමේ උප නායක ලෙස පාසලට වර්ණ ලභාදුන් අද්විතීය ක්‍රීඩකයෙකි.


ක්‍රිකට් සහ පාපන්දු ක්‍රීඩා ද්විත්වයේම මාතර ක්‍රීඩා සමාජය නියෝජනය කල දුලභ ක්‍රීඩකයෙක්. මාතර පොලිස් ක්‍රිකට් කණ්ඩායම මෙන්ම පාපන්දු කණ්ඩායම  නියෝජනය කල ක්‍රීඩකයෙක්.


මාතර බහුතර ජනතාව ලසන්ත කණ්ඩම්බි ගේ වියෝව තම පවුලේ ශෝකාන්තයක් බවට පත්කොට හමාරය…


ස්වභාවය සෞසෞන්දර්ය සමග මෙන්ම වර්ථමාන ලෝකය සමග ගණුදෙනු කළ කණ්ඩම්බි  රැඩිකල් මැද මාවතේ ගමන් කළ ඓතිහාසික රුහුණේ මාතර පුරවැසියෙක් ලෙස ජනහදවත් ආකර්ශනීය කළ සටන් සගයෙක්…


ලසන්ත කණ්ඩම්බි නම් අසහාය සටන් සගයා වෙනුවෙන් ඔහු නියෝජනය කළ කඳවුරත්, කිසිදා පඬුරු පාක්කුඩම් වලට විශ්වාසය පාවා නොදුන් "ලසන්ත හේවා කණ්ඩම්බි" වෙනුවෙන් අද අපට අපේ ලොක්කා "මංගල මහත්තය" නැති උනාවගේ වේදනාවක්…….


මතක මංගල එක්ක මාතර අපි එනකල්ම අල්ලගෙන ඉන්න කණ්ඩෙ අයියෙ……


(සුමුදු මද්දුමආරච්චි)
වේරගම්පිට,
මාතර.

{gallery}Lasantha Kandambi{/gallery} 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්