තවුහිද් ජාමාද් (වහාබ්) නිකායික මුස්ලිම්වරුන් පිරිසක් විසින් ඊයේ (27) පස්වරුවේ ගාල්ල ගිංතොට ප්‍රදේශයේ දී
සම්ප්‍රදායික මුස්ලිම්වරුන් පිරිසකට පහරදීමක් සිදුකර ඇතැයි වාර්තාවේ.
ගාල්ල ගිංතොට පිහිටි අවුලියාමලේ පල්ලියේ ඊයේ (27) සවස 5.00 ට පමණ ආරම්බ වූ ආගමික වැසටහනක දී සම්ප්‍රදායික ලෙස ධජය ඔසවනු ලැබ ඇති අතර අනතුරුව එම ස්ථානයට කඩා වැදී ඇති තවුහිද් ජාමාද් (වහාබ්) නිකායික මුස්ලිම්වරුන් කණ්ඩායමක් ඊට විරෝධය පළකරමින් එම ධජය ඉවත්කිරීමට උත්සහ කර තිබේ.
එහිදී දෙපිරිස අතර බහින්බස් වීමක් සිදුව ඇති අතර එම අවස්ථාවේ සිදු වූ පහරදීම්වලින් 12 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
ගැටුමෙන් පසු එම ස්ථානයට පැමිණ ඇති පොලිසිය, ආරවුලක් ඇතිකිරීමේ චෝදනාව යටතේ මුස්ලිම් ජාතික සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස්කර තිබේ.
පසුගිය වසර 20කට ආසන්න කාලයක් සම්ප්‍රදායික මුස්ලිම්වරුන් මෙම පල්ලියේ දානමාන ආගමික කටයුතු සිදුකරනු ලබන බවත් එහිදී සම්ප්‍රදායික ලෙස ධජය එසවීම සිදුකරන බවත් ඔවුන් මාධ්‍ය වෙත පවසා තිබේ.
මෙහිදී සිංහල - මුස්ලිම් ගැටුමක් ඇතිවීමේ ඉඩකඩක් තිබුන බවක් පොලිසිය පවසා ඇතත්, මෙම සිද්ධියට කිසිඳු සිංහල ජාතිකයකුගේ හෝ සම්බන්ධයක් නොතිබුන බව ප්‍රදේශවාසී මුස්ලිම් පවසති.
https://theleader.lk/news/13971-2022-10-28-19-26-52#sigProIdf6f30fa1d8
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න