ලාබ ලබන කර්මාන්ත ශාලා වසංගත සමයේ කප්පාදු කළ අයිතීන් ආර්ථික අර්බුදය හමුවේද අහිමි කිරීමට එරෙහිව නිදහස් වෙළෙඳ කලාප වෘත්තීය සමිති විදී බැස තිබේ.


'' කෝවිඩ් අර්බුදය කාලේ විශේෂයෙන්ම පෞද්ගලික අංශ කම්කරුවන්ගේ සහන කප්පාදුවක් වුණා. අත්‍යවශය සේවාවක් විදිහට ඔවුන්ගෙන් වැඩ ගත්තා. ඒත් දුන්නේ පඩි භාගයයි. අතිකාල දීමනා, පැමිණීමේ දීමනා කප්පාදු කරා. සේවකයෝ අඩක් විතරයි වැඩට කැදෙව්වේ. බොහෝ දෙනෙක් දොට්ට දැම්මා. දැන් ආර්ථික අර්බුදය කියලා ඒකමයි වෙන්නේ'' යැයි නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමයේ (FTZGSEU)සම ලේකම් ලලිත් කරුණාතිලක පවසයි.

 කටුනායක වෙළඳ කලාප ප්‍රධාන ගේට්ටුව අසල බදාදා [26] පැවැත්වූ උද්ඝෝෂණයේ දී අදහස් දැක්වූ ඔහු කියා සිටියේ කෝවිඩ් වසංගතය හමුවේත්, ආර්ථික අර්බුදය හමුවේත් ලාභ රැස් කරන හාම්පුතුන් විසින් කම්කරුවන්ට කිසිදු සහනයක් ලබා දීමට එකඟ නොමැති බවයි.


''ලෝකයේ ප්‍රසිද්ධ `අඩිඩාස්` වගේ සන්නාම ගැනුම්කරුවන්ට හා දේශීය හාම්පුතුන්ට අපි කියන්නේ මේ කම්කරු අයිතීන් කප්පාදුව නවත්වල කෝවිඩ් වසංගතයෙන් හා ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්වුණු කම්කරුවන්ට අහිමි කරපු  දීමනා දෙන්න කියලා.''



අතිකාල සේවා, ප්‍රවාහන පහසුකම්, දිරි දීමනා, සේවක සංඛ්‍යාව කප්පාදු කරමින් ඔවුන්ව මුලික වැටුපට පමණක් සිමා කිරීම ආර්ථික අර්බුදය නාමයෙන් සිදුවෙමින් පවතින බවට FTZGSEU සම ලේකම්වරයා සඳහන් කරයි.  



''ආර්ථික අර්බුදය හමුවේ රුපියල අවප්‍රමාණය වීම හරහා ලාබ ගත්තෙත්  ගැනුම්කරුවන් හා හාම්පුතුන්''

වෙළඳ කලාප වෘත්තීය සමිති  සම ලේකම් කරුණාතිලක පෙන්වා දෙන්නේ, කම්කරු සමිති සටන් කරමින් දිනා ගත් රුපියල් 10,000 සහන දීමනාව ද ඇතැම් සමාගම් විසින් කප්පාදු කරන තත්වය හමුවේ `මෑන් පවර්` කම්කරුවන් දැඩි ලෙස අසරණව ඇති බවයි.

''අර්බුදයක් ඇතැයි කියලා - සේවකයන් දොට්ට දමලා- වන්දි නැතිව දොට්ට දමලා -දීමනාත් නැති කරලා - අති කාලත් නැති කරලා - අපේ පඩිය අඩු කරලා - හාම්පුතුන්ට සහන දීලා - කම්කරුවට බදු ගහනවා,``යැයි උද්ඝෝෂණයට එක්ව සිටී වෙළඳ කලාප කම්කරුවෝ බැනර් හා පුවරු ප්‍රදර්ශනය කරමින්, සටන් පාඨ හඬ නැගූහ.

FTZGSEU1 2022.10.29

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image