1200 x 80 DMirror

ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් කරුණු සෙවීමට රජයේ බුද්ධි අංශ විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කරනු ලැබීය.


මෙම විමර්ශනයෙන් පසු ඒ  සම්බන්ධයෙන් රජයට නුදුරේදීම මූලික වාර්තාවක් බාරදීමට අපේක්ෂා කරන බව රජයේ බුද්ධි අංශ ආරංචිමාර්ගවලින් පැවසේ.

ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන් දස දෙනකු පමණ සිටින බව විවිධ ආරංචි පැතිර යමින් පවතින හෙයින්, ඒ පිළිබඳව තහවුරු කර ගැනීම සඳහා මෙම විමර්ශනය ඇරඹූ බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

දැන ගන්නට ඇති අන්දමට පාර්ලිමේන්තුවේ සිටින ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන්ගෙන් වැඩි දෙනෙක් ද්‍රවිඩ ජාතික අය වෙති. ඉන් බොහෝ දෙනකු කැනඩා සහ නෝර්වේ යන රටවල පුරවැසිභාවය ලැබූවන් බව වාර්තා වේ.

මේ අතර ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් සමගි ජන බලවේගය පක්ෂය සහ ජාතික ජන බලවේගය පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ ගණනාවක් ඉදිරි සතියේ පාර්ලිමේන්තු රැස්වීම් වලදී  පුළුල් වශයෙන් කරුණු දැක්වීමට සහ ප්‍රශ්න, යෝජනා  යොමු කිරීමට බලාපොරොත්තුවෙන් සිටී.

 
කෙසේ වෙතත් ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන් කිසිවකුත් තමන් ඒ තත්වයේ සිටින බව මෙතෙක් හෙළිදරව් කර හෝ පිළිගෙන හෝ නැතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
 

ද්විත්ව  පුරවැසි මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ සිටී වහා ඉල්ලා අස්වන්නැයි දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන සහ ආගමික නායකයෝ ඉල්ලීමක් කරති.

ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර දැරීමට නොහැකි වන වගන්තිය ඇතුළත් විසි එක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පසුගිය 21 වැනිදා වැඩි ඡන්දයෙන් සම්මතවිය.

(lankadeepa.lk)

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය