1200 x 80 DMirror

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහි තීරණාත්මක තරගයෙන් ලකුණු 65ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට නවසීලන්තය අද (29) සමත් විය.

 


සිඩ්නි ක්‍රීඩාංගණයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි නවසීලන්ත ආරම්භක පිතිකරු යුගලයට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අබියස සාර්ථක වීමට හැකි වූයේ නැත.

ෆින් ඇලන් එක් ලකුණකට පිටියෙන් ඉවත් වූයේ, මහීෂ් තීක්ෂණගේ පන්දුවක් හමුවෙයි.

ඩෙවෝන් කෝන්වේටද ලකුණු අතරට පිවිසීමට ධනංජය ද සිල්වා අවස්ථාව ලබා දුන්නේ නැත.

නවසීලන්ත නායක කේන් විලියම්සන් ලකුණු 8යි.

කෙසේ නමුත් සිව්වැනි  කඩුල්ලට ලකුණු 84ක සබඳතාවක් පිහිටවූ ,ග්ලෙන් ෆිලිප්ස් සහ ඩැරල් මිචෙල් බිඳ වැටුණු නවසීලන්ත ඉනිම ගොඩනැගුවේය.

මිචෙල් ලකුණු 22යි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ෆිලිප්ස් පන්දු 64 ක් තුළදී ලකුණු 104 ක් රැස් කළේ, ශ්‍රී ලංකා පන්දුයවන්නන්ට පහර පිට පහර එල්ල කරමිනි.

Glenn Phillipsගිණිකෙලි සංදර්ශනයක් වූ ෆිලිප්ස් ඉනිම 4 පහර 10ක් සහ 6 පහර 4කින් වර්ණවත් විය.


ග්ලෙන් ෆිලිප්ස් ලකුණු 13දී ලබා දුන් පහසු උඩපන්දුව පැතුම් නිස්සංක අතින් ගිලිහීයාම අවසානයේ ෆිලිප්ස්ට ශතකයක් ලබා ගැනීමට මහත් රුකුලක් විය.

ගිණිකෙලි සංදර්ශනයක් වූ ෆිලිප්ස් ඉනිම 4 පහර 10ක් සහ 6 පහර 4කින් වර්ණවත් විය.

එය මෙවර තරගාවලියේ වාර්තා වූ දෙවැනි ශතකයයි.

කසුන් රාජිත කඩුලු 2යි.

මෙම තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ දුර්වල පන්දු රැකීම් දිගින් දිගටම දක්නට ලැබීම විශේෂත්වයකි.

ඒ අනුව, නවසීලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 167ක් රැස් කිරීමට සමත් විය.

ලකුණු 168ක ජයග්‍රාහී  ඉලක්කයකින් පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිම සුනු විසුනු කිරීමට ට්‍රෙන්ට් බෝල්ට් ප්‍රමුඛ නවසීලන්ත පන්දු යවන්නන් සමත් විය.

ශ්‍රී ලංකා මුල් පෙල කඩුලු 4 බිඳ වැටුණේ ලකුණු 8කදීයි.

පැතුම් නිස්සංක සහ ධනංජය ද  සිල්වා ලකුණු රැස් කිරීමට පෙර දැවී ගිය අතර චරිත් අසලංක ලකුණු 4යි.

භානුක රාජපක්ෂ පන්දු 22කින් ලකුණු 34ක් රැස් කළේ ය.

නායක දසුන් ශානක ලකුණු 35ක් රැස් කළේ, 4 පහර 2ක් සහ 6 පහරක්ද සමගිනි.

ශ්‍රී ලංකා පිතිකරුවන් 8 දෙනෙකුටම ලකුණු 10 සීමාව පසු කිරීමට හැකි වූයේ නැත.

ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 13ට කඩුලු 4යි.

ලකුණු 168ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාවට සියලු දෙනා ලකුණු 102කට දැවී ගි‌යේ ය.

තරගාවලියේ සුපිරි 12 වටයේ පළමු කාණ්ඩයේ  නවතම ලකුණු සටහනට අනුව නවසීලන්තය පෙරමුණේ පසු  වන්නේ ප්‍රසාද ලකුණු 5ක් ලබා ගනිමිනි.

 

 

 


 

new logo

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය