අගෝස්තු 22 දින අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ( #PTA) යටතේ රඳවා සිටින
අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් කොළඹ ජාතික රෝහලෙන් ඉවත් කරගෙන පවුලේ අයට නොදන්වා, හෙළිනොකළ ස්ථානයකට රැගෙන ගොස් ඇති බවට ඔහුගේ පවුලේ සාමාජිකයෝ චෝදනා කරති.
ගල්වැව සිරිධම්ම හිමියන් උණ රෝගය හේතුවෙන් පසුගිය 25 දා කොළඹ ජාතික රෝහලේ 49 වැනි වාට්ටුවට ඇතුළත් කර තිබිණ.
පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ හෂාන් ජීවන්ත අගෝ. 18 වන දා කොළඹ පැවති විරෝධතාවකදී අත්අඩංගුවට ගනු ලැබිය.
පසුව ඔවුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක් රඳවා තබා ගැනීමට අවසර හිමි වුණු අතර හෂාන් ජීවන්ත දින 50කට පසු නිදහස් කෙරිණි.