1200 x 80 DMirror

අමාත්‍ය මහින්ද අමරවීරගේ සහෝදරයෙකුගේ පුත්‍රයෙකු වනජීවී නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ, යාල ජාතික වනෝද්‍යානයේ සතුන්ට සංවේදී

කලාපවල, වාහනවලින් සැරිසැරූ පිරිසට අයත්වීම හේතුවෙනි.


වයස අවුරුදු 30ක් වන සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ යාල ජාතික වනෝද්‍යානයේ පලටුපාන මූලස්ථානය වෙත පැමිණ ඌව පළාත් වනජීවී සහකාර අධ්‍යක්ෂක ඩබ්ලිව් ඒ ඩී යූ ඉන්ද්‍රජිත් වෙත භාරවීමෙන් අනතුරුවය.


සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන වනජීවී නිලධාරීන් සීසීටීවී කැමරා දර්ශන අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු විසින් යාල ජාතික වනෝද්‍යානය ඉදිරිපිටදී ජීප් රථයකට නැග ඇති බව වාර්තා වේ.

 

සිය ඥාති පුත්‍රයාට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර විසින් වනජීවී නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබු බව වාර්තාවේ.  එම සැකකරු තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඊයේ මුදා හැර තිබේ.

 

සිද්ධියට අදාල අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.


සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙරද පුද්ගලයින් 09 දෙනෙකු වාහන 06 ක් සමග යාල වනජීවි නිලධාරීන් වෙත භාර වු අතර ඔවුන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ශරීර ඇප මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.


වාහන 32කින් සියයකට අධික පිරිසක් ඉකුත් දා යාල ජාතික වනෝද්‍යානයේ සතුන්ට සංවේදී කලාපවල වාහන ධාවනය කර තිබිණ.


එය මැඩපැවැත්වීමට ක්‍රීයා නොකිරීම හේතුවෙන් වනජීවී මාර්ගෝපදේශකවරුන් 7දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබිණ.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය හා වනජීවී දෙපාර්තමේන්තුව තවදුරටත් විමර්ශන සිදුකරමින් සිටියි.


(nethnews.lk)

new logo

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්