ඉන්දීය පිතිකරු විරාත් කෝලි T20 ලෝක කුසලාන ඉතිහාසයේ ලකුණු 1000ක් රැස් කළ ලොව දෙවැනි පිතිකරුවා බවට පත් වුණා.

 

ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව පර්ත් ක්‍රීඩාංගණයේදී පැවති විස්සයි 20 ලෝක කුසලාන සුපිරි 12 කාණ්ඩයේ තරගයේදීයි.

මහේල ජයවර්ධන T20 ලෝක කුසලාන තරඟවල ලකුණු 1000 සීමාව පසු කළ පළමු පිතිකරුවායි. ඔහු තරග 31කදී ලකුණු 1016ක් ලබා ගනිමින් තරගාවලි ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටිනවා.

ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලි අද තම 24 වැනි තරගයේදී ලකුණු 1000 පසු කළා. දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන තරගයේදී ඔහු දැවී යන විට ලබා සිටි ලකුණු සංඛ්‍යාව 12ක්.

T20 ලෝක කුසලාන තරගාවලිවල වැඩිම අර්ධ ශතක සංඛ්‍යාවක් (12) රැස් කළ ක්‍රීඩකයා ලෙස කෝලි වාර්තාවක් තබා තිබෙනවා.

ඔහු පසුපසින් සිටින ක්‍රිස් ගේල් සහ රෝහිත් ෂර්මා අර්ධ ශතක 9 බැගින් රැස් කර තිබෙනවා.

පන්දුවාර 20යි 20 තරග 112කදී ලකුණු 3868ක් රැස්කරගෙන සිටින විරාත් කෝලි ලොව වැඩිම ලකුණු ලාභියාද වනවා.


(hirunews.lk) 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්