1200 x 80 DMirror

යක්කලමුල්ල, කළුවගල කුරුඳු වාඩියක් තුළ සිදු වූ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලබා,

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සිව් හැවිරිදි පිරිමි දරුවා අද (ඔක්. 30) උදෑසන මියගිය බව කරාපිටිය රෝහල් පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ, අනුත්හසරැල් නැමති යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.

ඉකුත් 19 වන දා සිදු වූ එම වෙඩි තැබීමකින් එක් අයෙකු මියගොස්, සිව් හැවිරිදි දරුවා සහ තවත් අයෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබිණි.

වෙඩි ප්‍රහාරයට ලක් වීමෙන් සිව් හැවිරිදි දරුවාගේ උදරයට බරපතළ තුවාල සිදු වී තිබිණි.

 මෙම දරුවා ශල්‍ය කර්මයකට භාජනය කොට තිබූ අතර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී දරුවා මිය ගොස් ඇත.

මෙකි වෙඩි ප්‍රහාරයට ලක්විමෙන් මිටපෙර කුරුඳු වාඩිය තුළ කුරුදු තලමින් සිටි සමන් කුමාර (33) නැමැති අයෙක් මියගියේය.

යතුරුපැදියකින් පැමිණි තිදෙනකු විසින් ටී 56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කොට තිබුණි.

ඝාතනයට සම්බන්ද සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සදහා යක්කලමුල්ල පොලිසිය විසින් පරික්ෂණ පවත්වයි.

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය