වෙරිටේ රිසර්ච් සිදුකරන “රට හිතන හැටි” දීප ව්‍යාප්ත ජනමත විමසුම් සමීක්ෂණයේ ඔක්තෝම්බර් මාසය සඳහා වන තොරතුරු මේ වන විට නිකුත් කර

තිබේ.


එම සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව, වත්මන් ආණ්ඩුව වැඩ කරන ආකාරය ගැන ජනතා අනුමැතිය තිබෙන්නේ 10%ක මට්ටමකය. මෙය 2022 ජනවාරි මාසයේ පැවති අතිශය පහළ මට්ටමට සමානවන නමුත්, එය 2022 ජූනි මාසයේ 3% ජනතා අනුමැතියට වඩා වැඩි අගයකි.


රටේ කටයුතු සිදුවෙමින් තිබෙන ආකාරය ගැන සෑහීමකට පත්වන්නේ ද? යන්නත් මෙම ජනමත විමසුමේ දී, අවධානයට ගෙන තිබෙන අතර, ඔක්තෝම්බර් මාසය සඳහා එය දැක්වෙන්නේ ජනතාවගෙන් 7%ක් රටේ කටයුතු සිදුවෙමින් පවතින ආකාරය ගැන සෑහීමකට පත්වන්නේය ලෙසය. මෙම ශ්‍රේණිගත කිරීම 2022 ජනවාරි මාසයේදී 6% සහ ජුනි මාසයේදී 2% විය.


ආර්ථිකය ගැන විශ්වාසය කර තිබෙන ඇගයුමේ දී, ජූනි මාසය සඳහා එම අගය ලැබී තිබෙන්නේ සෘණ 77.9ක  (-77.9) ලෙසය (-78ක් ලෙස ආසන්න අගයට වටයා දක්වා ඇත) මෙම ඇගයුම සිදුකිරීමට බහුවර්ණ ප්‍රශ්න භාවිතා කර තිබෙන අතර, එම ප්‍රශ්නවලට ලැබී තිබෙන ප්‍රතිචාරයන් සෘණ 100 (-100) සිට ධන 100 (+100) දක්වා පරාසයක තබා ඇගයුමට ලක් කිරීමෙන් මෙම අගය ලබාගෙන ඇත. 0ට වඩා වැඩි අගයක් මෙම ඇගයුමට ලැබීම යනු, ජනතාව වැඩි වැඩියෙන් ආර්ථිකය ගැන සෘණාත්මක ලෙස නොව ධනාත්මක අදහසකින් සිටින බව වේ.


ආර්ථිකය යහපත් හෝ විශිෂ්ට මට්ටමක නොව දුර්වල මට්ටමක පවතින බව සහ ආර්ථිකය යහපත් අතට නොව තව තවත් අයහපත් අතට හැරෙන බව සියලුමදෙනා සිතන්නේ නම්, ලැබෙන අගය සෘණ 100ක් (-100) වේ.


# ආණ්ඩුවේ වැඩ ගැන ජනතා අනුමැතිය 10%යි
# රටේ කටයුතු සිදුවෙමින් තිබෙන හැටි ගැන තෘප්තිය 7%යි
# ආර්ථිකය ගැන විශ්වාසය සෘණ 78 (-78) යි

rata hithana hati

රට හිතන හැටි දීපව්‍යාප්ත ජනමත විමසුමට  2022 ඔක්තෝබර් මාසය වන ලැබී තිබෙණ ප්‍රතිචාර අනුව රටේ ජනතාවගෙන් 0.5% ක් ආර්ථිකය විශිෂ්ට මට්ටමක පවතින්නේය යන අදහසින් සිටින අතර, 4.8%ක ප්‍රතිශතයක් සිටින්නේ ආර්ථිකය යහපත් මට්ටමක පවතින්නේය යන අදහසින්ය.


ඒ අතරවාරයේම තවත් 16.2%ක ප්‍රතිශතයක ජනතාව සිටින්නේ ආර්ථිකය යහපත් අතට හැරමෙින් පවතින්නේය යන අදහසින්ය.


මෙම සියලු අගයන් එක්ව ගත්විට ආර්ථිකය ගැන තිබෙණ විශ්වාසයට ලැබෙන්නේ සෘණ 77.9ක (-77.9) අගයකි (-78ක් ලෙස ආසන්න අගයට වටයා දක්වා තිබේ). ගෙවුණු ජනවාරියේ මෙම අගය සෘණ 83ක්  (-83) වූ අතර, ජූනි මාසයේ දී, සෘණ 96ක් (-96) විය.


Mood of the Nation මැයෙන් ඇමරිකාවේ ගැලප් (Gallup) ආයතනය, එරට ජනමතය විමසුමට ලක් කිරීම සඳහා භාවිතයට ගන්නා ප්‍රශ්න සහ ගණනය කිරීම් ශ්‍රී ලංකාවට ගැලපෙන අයුරින් සකසා මෙම සමීක්ෂණය සිදුකර ඇත. රට පුරා වාසය කරන ජනතාව නියෝජනය කෙරෙන නියැදියක් හරහා, රටක සමස්ත ජනමතය විමසුමට ලක්කිරීමට හැකිවීම මෙම ක්‍රමයේ විශේෂත්වයයි. වෙරිටේ රිසර්ච් මේ සඳහා භාවිතා කර තිබෙන්නේ මෙම කරුණ තෘප්ත කරන පුද්ගලයින් 1018 දෙනෙකුගේ නියැදියකි. දත්ත එකතු කිරීමට සහාය ලබා දී තිබෙන්නේ වෑන්ගාර්ඞ් සර්වේ (පෞද්ගලික) ආයතනයයි.



The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

 new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්