හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වූ නිශාන්ත මුතුහෙට්ටිගම විසින් අමාත්‍ය පදවිය දරන අවධියේ දී තීරුබදු රහිතව ආනයනය කළ රුපියල් කෝටියකට

ආසන්න වටිනාකමකින් යුත් සුඛෝපභෝගී ජීප් රථයක් ගාල්ල නගරයේදී පොලිස් භාරයට ගෙන එය පදවාගෙන පැමිණි පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය කියයි.


මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම අවස්ථාවේදී ජීප් රථය පදවමින් සිටි හිටපු අමාත්‍යවරයාගේ නිවසේ ආරක්ෂකයකු ලෙස කටයුතු කරන ගාල්ල පොලිසියට අනුයුක්තව සේවය කරන 36 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයකු බව පොලිසිය කියයි.


ජිප් රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ට ඊයේ සවස ලැබුණු තොරතුරකට අනුව කරාපිටිය ප්‍රදේශයේදී සැක කටයුතු ජිප් රථය පරීක්ෂාවට ලක්කර තිබිණ.


එහිදී ජිප් රථයේ තිබී මත්ද්‍රව්‍ය හෝ වෙනත් සැක කටයුතු කිසිවක් හමුවී නැතත්, වැඩිදුර සිදු කළ පරීක්ෂාවේදී හෙළිවී ඇත්තේ මෙම ජිප් රථය නීති විරෝධී ලෙස එකලස් කරන ලද රථයක් බවයි.

 

නිශාන්ත මුතුහෙට්ටිගම මීට වසර කිහිපයකට ඉහත දී වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පදවිය දරන අවධියේදී මෙම සුඛෝපභෝගී ජීප් රථය  තීරුබදු රහිතව පිටමං කර තිබූ බව පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී හෙළිවී ඇතැයි සඳහන් වේ.

 

ජීප් රථය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එහි ලියාපදිංචි අංකය ලෙස ප්‍රදර්ශනය කර තිබුණේ මෝටර් රථයක ලියාපදිංචි අංකයක් බවද පොලිසිය කියයි.


පරාජිත දේශපාලකයකුට පොලිස් කොස්තාපල්වරයකු ආරක්‍ෂාවට යෙදුවේ කෙසේද හා තවත් මේ ආකාරයෙන් වාහන පිටමං කර ඇද්දැයි සොයා පුළුල් ලෙස විමර්ශන කරන බව වැටලීම සිදුකළ පොලිස් නිලධාරියෙක් පැවසීය.


සැකකරු අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

 new logo

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්