2022 වසරේ මුල් මාස අට තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉපැයූ ආදායම්වලින් (රුපියල්) අඩකට වඩා ණය ගෙවීම සඳහා යොදවා ඇති බව වාර්තා

වේ.


ඛනිජ තෙල් සංස්ථාවට අනුව මෙම වසරේ මුල් මාස අට තුළ උපාය ඇති රුපියල් බිලියන 956.1ක ආදායමින් රුපියල් බිලියන 513ක් විදේශ මුදල් ණය, ඒවායේ පොලී සහ කෙටි කාලීන රුපියල් ණය පියවීමට යොදා ගෙන ඇති අතර එහි අගය 53%කි.


ඉන්ධන මිල සංශෝධනය කිරීමෙන් අනතුරුව පසුගිය මාස දෙක තුළ සංස්ථාව ලාභ ඉපැයීමට සමත් වීමත් සමඟ මෙලෙස වැඩිවශයෙන් ණය පියවීමට සංස්ථාවට හැකියාව ලැබී ඇත.


ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ශ්‍රී ලංකාවට ඉන්ධන ආනයනය කිරීමට මෙම වසරේ පළමු මාස අටක කාලය තුළ රුපියල් බිලියන 357ක් වෙන්කර ඇති අතර එය ආයතනයේ මුළු රුපියල් ආදායමින් 37% කි. මේ අතර, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙම කාලය තුළ රජයට බදු වශයෙන් බිලියන 65ක ඇත.


මේ වන විට සතියකට මෙරටට ඉන්ධන ඇතුළුව බලශක්ති අවශ්‍යතාවන් ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 50 ක උපරිමයක් මහා භාණ්ඩාගාරය විසින් නියම කර තිබේ. 2007 සිට 2022 අගෝස්තු දක්වා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වාර්තා කර ඇති පාඩුව රුපියල් ට්‍රිලියන 01කි. (රුපියල් බිලියන 1000ක්).

(aruna.lk)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්