රටට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීමේ මහා මෙහෙයුමක් 'ගොඩයමු' නම් නව සාමූහිකයක් මගින් දියත් කිරීමට නියමිත

බව ආරංචි වේ.


මේ වෙනුවෙන් ආර්ථික සමාජ සංස්කෘතික ක්ෂේත්‍රවල බුද්ධිමතුන් සහ ක්‍රියාකාරීන් රැසක් එක්ව සිටින බව කියැවේ. මේ සාමූහිකයේ පළමු මුනගැසීම හෙට ‍(01) ජානකී හෝටල් පරිශ්‍රයේදී සිදුවීමට නියමිතය.


කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවී ස්වාධීන පුරවැසි මෙහෙයුමක් ලෙස මෙය දියත් වන බව ප්‍රකාශ කෙරේ. පක්ෂ පාට භේද නැතිව රට වෙනුවෙන් මෙම ආර්ථික ප්‍රතිසංස්කරණ අවශ්‍ය යැයි සිතන සියලු පුරවැසියන්ට මෙම සාමූහිකය සමග එකතු විය හැකි බව සංවිධායකයන් කියයි.


නිදහසෙන් පසු අප රටේ සෑම රජයක්ම විසින් පවත්වාගෙන යන ලද, රජය විසින් සියල්ල ලබා දිය යුතු යැයි සිතන රාජ්‍ය සුබසාධනවාදී මානසිකත්වයෙන් ඉවත් වීමේ අවශ්‍යතාවය රටට පැහැදිලි කිරීම මෙම සාමූහිකය ප්‍රමුඛ කාරණයක් ලෙස සළකයි.


එමෙන්ම,

1-  රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් නතර කිරීම. විශාල රාජ්‍ය සේවකයන් ප්‍රමාණයක් නඩත්තු කිරීමේ පාඩුව.

2-  පාඩු ලබන, අකාර්යක්ෂම රාජ්‍ය සංස්ථා පෞද්ගලීකරණය

3-  බදු සහ ගාස්තු ගෙවීමේ පුරවැසි වගකීම සහ රජයේ වියදම් පිළිබඳ  පාරදෘෂ්‍යභාවයක අවශ්‍යතාව පැහැදිලි කිරීම.

4- ආයෝජන සඳහා හිතකර තත්වයක් රට තුල නිර්මාණය කිරීමේ ප්‍රතිසංස්කරණ.

5-  සමාජ ආරක්ෂණ ජාලයක අවශ්‍යතාවය සහ එය ඉලක්කගත කණ්ඩායම් වෙත යොමු කිරීමේ අවශ්‍යතාවය

6- හුදු විවේචනය සහ නිශේධනය වෙනුවට ධනාත්මක බලාපොරොත්තුසහගත දිශාවකට ජනතාව යොමු කිරීම ආදියද මෙම සාමූහිකය මූලික කාරණා ලෙස සළකයි.


හෙට මූලික සාකච්ඡා වටයකින් පසු රට පුරාම පැවැත්වෙන සම්මන්ත්‍රණ මාලාවක් ලෙස ගොඩයමු මෙහෙයුම ක්‍රියාත්මක වන බවයි දැනගන්නට ලැබී තිබෙන්නෙ. මෙම සමාජ අවශ්‍යතාව විශ්වාස කරන පුද්ගලික අංශයේ වැඩකරන පිරිස් සහ විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකික පිරිස් මෙන්ම ස්වාධීන පුරවැසියන් විසින් මේ සඳහා අවශ්‍ය අරමුදල් සපයා දෙන බව ප්‍රකාශ වේ.

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

 new logo

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්