හමුදාවට අයිතිව තිබූ වටිනා ඉඩම විදේශිකයන්ට පොල්මක්කාරව විකිණීම පිළිබඳ පමණක් නොව හමුදා මුලස්ථානය ඉදි කිරීමෙන් පවා වංචා කිරීම පිළිබඳ පැහැදිලි පිළිතුරක් රටට ලබා නොදී ජනාධිපති අපේක්ෂකයකු ඡන්දය ඉල්ලීමට ගෝඨාභය රාජපක්ෂට කිසිඳු අයිතියක් නැතැයි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.


මේ හොරු රැළට එරෙහිව ජනතාවගේ අධිකරණ තීන්දුව ලබන 16 වැනිදා ජනාධිපතිවරණයේ දී ලබා දෙන ලෙස මේ රටේ ජනතා උසාවියෙන් ඉල්ලා සිටින බව ඔහු කියා සිටියි.

ඇමතිවරයා එබව කියා සිටියේ ඊයේ (11) කෝට්ටේ සෝලීස් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවේ දීය.

මේ රජය බලයට පත් වූ පසු ජනාධිපති හෝ රජය මැදිහත් වී විදේශිකයන්ට සින්නක්කරව ලබා දුන් එක් බිම් අඟලක් හෝ පෙන්වන ලෙස රාජපක්ෂලාට සහ ඔහුගේ සේල්ස් රෙප්ලාට අභියෝග කරන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක එහිදී ප්‍රකාශ කළේය.

එහිදී ඔහු තවදුරටත් මෙසේද පැවසිය.

''යුද හමුදාව පාරට ඇද දමා සරණාගතයන් බවට පත් කළා''

''බ්‍රිතාන්‍ය යුගයේ සිට මෙහි පිහිටා තිබූ යුද හමුදා මූලස්ථානයේ ඉඩම කොටස් දෙකක්, ඔප්පු දෙකකින් විකිණුවා සින්නක්කරව. එක ඔප්පුවක් 2010. 12. 28 අක්කර හයක් (හෙක්ටයාර 2.4ක්) ඩොලර් මිලියන 75කට (රුපියල් මිලියන 8250කට) විකුණනු ලැබුවා. පිට රටට ඉඩම් විකුණනවා කියා පපුවට ගසා ගන්නා මහින්ද රාජපක්ෂ මහතා මේ විදියටයි එය විකුණා තිබෙන්නේ.

එම ඔප්පුවේ සඳහන් වී තිබෙන්නේ ෂැංග්‍රිලා හොටෙල්ස් ප්‍රයිවෙට් ලිමිටඩ් ආයතනය විසින් ශ්‍රී ලංකා රජයට ගෙවනු ලබන ඇමෙරිකානු ඩොලර් මිලියන 75 ක මුදලකට ජනාධිපතිවරයා වන මහින්ද රාජපක්ෂ විසින් ෂැංග්‍රිලා හොටෙල් ප්‍රයිවෙට් ලිමිටඩ් ආයතනයටත් උරුමක්කාරයින්ට, පොල්මක්කාරයින්ට හා අද්මිනිස්කාරයින්ට අයිති කර හිමිකර පවරා දෙන බවයි. ''

ෂැංග්‍රිලා එකෙන් ඩොලර් මිලියන පහක පගාවක් !

අක්කර හයකට පොල්මක්කාර උරුමය (සින්නක්කර උරුමය) ෂැංග්‍රිලාවරුන්ට ලබා දෙනවා මේ අනුව 2010. 12. 28 වැනි දින. මෙය සිදු කර තිබෙන්නේ කිසිම ටෙන්ඩර් කැඳවීමකින් හෝ විවෘත ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව බව ඇමැති පාඨලී රණවක පැවැසීය.

හැලියාඩ් සමාගම වෙනුවෙන් හිටපු නියෝජිතයා චිදම්බරම් සේගු මේ පිළිබඳ උසාවියේ පාවිච්චි කළ හැකි දිව්රුම් ප්‍රකාශයක් ලබා දුන්නා. මීට මැදිහත් වූ සජින් වාස් ගුණවර්ධන මහතා මෑතදී මෙය ලබා දුන්නා. 

ඊට අනුව ෂැංග්‍රිලා එකෙන් ඩොලර් මිලියන පහක පගාවක් අරගෙන ලංකාවේ ව්‍යාපාරිකයෝ දෙන්නෙක් හරහා එය උපදේශක සේවාවක් ලෙස අරගෙන එයින් තංගල්ල බේ හෝටලය මිල දී ගැනීමයි මේ කර තිබෙන්නේ.

ශ්‍රී ලංකා යුද හමුදාව වසර 150ක් තිස්සේ පවත්වා ගෙන ගිය මුලස්ථානයෙන් යුද හමුදාව එළියට ඇද දාලා ජනාධිපතිතුමා කියන හැටියට මිලියන 42ක් කුළී ගෙවමින් පාරේ සරණාගතයෝ බවට පත් කර ඔවුන් ඔප්පුව අත්සන් කළ දාට පසුදා ගිවිසුමක් ගහලා ඩොලර් මිලියන පහක් වංචා කිරීම ගැන මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ උත්තර දිය යුතුයි. 


නිමල් පෙරේරා සහ ඉෂාර නානායක්කාර කළ ප්‍රකාශ පිළිබඳ තොරතුරු අප සතුව තිබෙනවා.''

 


සබැඳි පුවත්:
'ෂැන්ග්‍රිලා කෝටි සීයක ඩීල්එකක්' : රාජපක්ෂලා කොමිස් ගහපු හැටි සජින් වාස් හෙළිකරයි (VIDEO)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්