විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාවට තීරණාත්මක තරගයක් අද පැවැත්වේ. ඒ, ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමගයි.


බ්‍රිස්බේන් හීදී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පෙරවරු 9යි 30ට ආරම්භ වීමට නියමිතය.

මෙම තරගාවලියේ අර්ධ අවසන් වටය පිළිබද යම් හෝ බලාපොරොත්තුවක් තබා ගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම ඉතිරි වී ඇති තරග දෙකම අනිවාර්යයෙන් ජයගත යුතු වේ.

ප්‍රසාද ලකුණු 2ක් පමණක් ලබා සිටින ශ්‍රී ලංකා කණ්ඩායම එම ලකුණු සටහනේ පස්වන ස්ථානයේ රැඳී සිටින අතර අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීමට මේ වන විට ශ්‍රී ලංකාවට පවතින ඉඩකඩ ඉතා අවම වී තිබේ.

අද පැවැත්වෙන තරගයත් එංගලන්තයට එරෙහි තරගයත් ජය ගතහොත් ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 6ක් හිමි වේ.

එම තත්ත්වය තුළ නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව තරග වදින ආකාරය අනුව ශ්‍රී ලංකාවට අවස්ථාවක් හිමිවන්නේ ද යන්න පිළිබඳ තීරණය වීමට නියමිතය.

නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු 5 බැගින් ලබාගෙන පළමු කාණ්ඩයේ මුල් ස්ථාන දෙක හිමිකරගෙන තිබේ.

'නෙත් එෆ් එම්' යූ ටියුබ් නාලිකාවේ “ටොස් එකට කලින්” වැඩසටහනට එක්වෙමින් ක්‍රිකට් විචාරක අනූෂ සමරනායක මෙම තරගය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළේය.


අද දිනයේ දෙවැනි තරගය එංගලන්තය සහ නවසීලන්තය අතර පැවැත්වේ.

මෙම තරගය මෙරට වේලාවෙන් දහවල් 1.30ට ආරම්භ වීමට නියමිතය. 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

 new logo

akd 1600x500

worky sin

නවතම පුවත්