1200 x 80 DMirror

පශ්චාත් වෛද්‍ය උපාධිය සඳහා විදෙස්ගත වන වෛද්‍ය නිලධාරින් හට ග්‍රීන් කාඩ් පත්‍ර විවෘත කිරීමට අවස්ථාවක් ලබා දිය නොහැකි බවට රජයේ බැංකුවක්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය අංශය වෙත දැනුම් දී තිබේ.


පවතින මූල්‍ය අර්බුදය හමුවේ පශ්චාත් වෛද්‍ය පුහුණුව සඳහා අලුතින් ඇතුළත් වන වෛද්‍ය නිලධාරින් සඳහා මෙම ග්‍රීන් කාඩ් පත්‍රය විවෘත කිරීමට නොහැකි බවට මූල්‍ය ආයතනයේ ඉහළ කළමනාකරිත්වය සෞඛ්‍ය අමාත්‍යාංශයේ චාරිකා අංශය වෙත දැනුම් දී ඇත.


එසේම 2022 වසරේ අගෝස්තු මස ගෙවීම් කරන ලද ජීවන වියදම් දීමනාව හිමි වෛද්‍යවරුන්ට පමණක් සැප්තැම්බර් මාසයේ ජීවන වියදම් දීමනාව ලබා දීමට කටයුතු කරනු ඇති බවටද අදාළ මූල්‍ය ආයතනය දැනුම් දී තිබේ.


මෙම තත්ත්වය මත අලුතෙන් විදෙස් ගතවන වෛද්‍ය නිලධාරින් සඳහා ග්‍රීන් කාඩ් පත්‍ර විවෘත කිරීමට අවස්ථාවක් නොමැති වීම නිසා මින් ඉදිරියට පශ්චාත් වෛද්‍ය පුහුණුව සඳහා විදේශ ගතවන වෛද්‍ය නිලධාරින්ට ගෙවනු ලබන මූලික ජීවන වියදම් දීමනාව, ගුවන් ටිකට්පත් ගාස්තු ඇතුළු මූලික වියදම් ගෙවීම් සම්පූර්ණයෙන් නවතා දමන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත.

(aruna.lk)

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය