1200 x 80 DMirror

2022 පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානයට එරෙහි තරගය ශ්‍රී ලංකාව අද (01) කඩුලු 6ක විශිෂ්ට ජයක් වාර්තා කළේය.

 

ලකුණු 145ක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම එම ඉලක්කය පසු කළේ, පන්දුවාර 18යි පන්දු 3ක් අවසානයේ කඩුලු 4 ක් දැවී සිටියදීය.
 

බ්‍රිස්බේන්හීදි පැවැති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ඇෆ්ගනිස්ථාන නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 144ක් රැස් කළේ ය.
 

උස්මාන් ඝානි සහ රහ්මානුල්ලා ගුර්බාස් ගොඩනැගූ සම්බන්ධතාවය ලකුණු 42 කි.
 

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ රහ්මානුල්ලා ගුර්බාස් ලකුණු 28කට දැවී ගියේ ය.
 

සුපිරි පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග ලකුණු 13කට කඩුලු 3යි.
 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 12කදී බිඳ වැටුණි.
 

කුසල් මෙන්ඩිස් ලකුණු 25යි.
 

ඉන් අනතුරුව පිටියේ එක් වූ ධනංජය ද සිල්වා සහ චරිත් අසලංක තුන්වන කඩුල්ලට එක් කළ සබදතාව ලකුණු 54 කි.
 

සුපිරි පිතිහරඹයක නිරත වූ ධනංජය ද සිල්වා පන්දු 42කදී ලකුණු 66ක් ලබා ගත්තේ ය. ඒ, හතරේ පහර 6ක් සහ 6 පහර 2ක් සමගිනි.
 

මෙම තරඟ ජයග්‍රහණයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ 3 වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.
 

මෙම තරග පරාජයත් සමග ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට තිබූ අවසන් බලාපොරොත්තුව ද ගිලිහී ගියේ ය.


WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය